බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු කිරුළපණ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අංක 167, වජිරඥාණ මාවත, කොළඹ 09 පදිංචි සම්සුදීන් මොහොමඩ් නමැත්තෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය නොවැම්බර් 01 වනදා ඥාණසාර හිමියන් විසින් ජාතීන් අතර සිත් රිදවීමේ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින්.
බුදුන් වහන්සේට සහ තෙරුවණට අපහාස කිරීමට එරෙහිව පවරා ඇති නඩුවක ඇප කොන්දේසී කඩ කිරීම හේතුවෙන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසීක්දීන් ද මේ වන විට රක්ෂත බන්ධනාගාරගත කර තිබෙනවා.