Colombo Today Local News

“මාත් පත්තරකාරයෙක්.. රැහේ උන්ට මම සළකනවා“ – ජනපති

ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්චි පළවැනි වතාව මෙය යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් පැවසීය.

පූර්ණ කාලීන ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණය ද එහිදී පැවැත්විණි.

“දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා, රැහේ උන්ට සලකන්න ඕනේ රැහේ උන්ගේ නායකයා වුණාම, ‘මාධ්‍යවේදීන් ඇතැම් අවස්ථාවල බොහෝ පීඩාවට ලක්වෙනවා. මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් වගකීම ඉටු කිරීමේදී ජනතාවගේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි.”

“තොරතුරු දැනගැනීමේ පනත පසුගිය කාලයේ සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. පොළොන්නරුව ප්‍රාදේශිය වාර්තාකරුවන් කොළඹ ඉන්න මාධ්‍යවේදීන් දන්නවා මම මන්ත්‍රී කෙනෙක් ඇමැති කෙනෙක් ලෙස ඉන්න විට මගෙන් කිසිම හිරිහැරයක් නොවුණු බව. රජය මාධ්‍යවේදියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ සංදේශය අනුව වෘත්තීය ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනවා” යැයි ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Related posts

හෙට සිට වැසෙන නගර මෙන්න

colombotoday

සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සඳහා සහභාගී විය හැක්කේ පවුලේ 5 දෙනෙකුට පමණයි.

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

“මට සමාවෙයං පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි..” තම පොලුපහරින් මියගිය පුතා ඉදිරියේ පියා හඬා වැටේ.

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday

දික්කසාද බිරිය අනියම් බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

Admin