මාර්ග නීති සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල්වලට විරෝධය පා වර්ජනයක නිරතවීමට සැලසුම් කරන බස් රියෑදුරන්ට ජනතාව විසින් පහරදී එළවා දැමිය යුතු යෑයි මහාමාර්ග රාජ්ය ඇමැති ඩිලාන් පෙරේරා පවසයි.
එහෙත් මෙම වර්ජනයට සහාය දෙන ත්රිරෝද රථ රියෑදුරන් සහ යතුරුපැදිකරුවන් පිළිබඳ සානුකම්පිතව බැලිය යුතුබව පැවසූ රාජ්ය ඇමැතිවරයා වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන්නේ බස් රථ රියෑදුරන්ගෙන් බවද කීවේය.