ඊයේ දිනට යෙදී තිබුණු කොටි මහවිරු දිනය වෙනුවෙන් යාපනය අර්ධද්වීපය පුරා සැමරැම් සංවිධානය කර තිබිණි.
දෙමළ සන්ධානයේ එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු මන්ත්රී පිරිසක් යාපනය කෝපායිහී 51 වන සේනාංකය ස්ථාපිත කර තිබූ හමුදා කදවුර ඉදිරිපිටද කොටි මහවිරු සැමරුමක් සිදු කළහ.
මෙම ස්ථානයේ කොටි සොහොන් බිමක් පැවති බවත් එය සමතලා කර කදවුරක් ඉදිකර ඇති බවත් පවසමින් ඔවුහු ගිනි දල්වමින් සැමරුම සිදු කළහ.
උතුරේ සිදුවන මහවිරු සැමරුම්වලට බාධා නොකරන ලෙස සියළු ආරක්ශක අංශවලට ඉහළින් නියෝග ලැබී තිබිණි.