Colombo Today Local News

මාධ්‍යයට තොරතුරු දුන්නැයි කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙයි

hj23265

කොටහේන බාබර්වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ භාරකරුගේ නිවසට ඊයේ රාත්‍රී කඩාවැදුණු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදුකර තිබෙනවා. මුස්ලිම් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු අන්තවාදී කණ්ඩායමක් පසුගිය 07වනදා මහාශිව රාත්‍රී දිනයේ කෝවිලේ පැවති ආගමික උත්සවයකට පහරදී එහි තිබූ උපකරණවලට හානි කර තිබුණා. පූජාවට සහභාගී වූ කුඩා දරුවන්ට පවා ඔවුන් පහරදුන් බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ලබා දීම හේතුවෙනුයි ඊයේ රාත්‍රියේ කෝවිල් භාරකරුගේ නිවසට පහරදී තිබෙන්නේ. ප්‍රහාරයෙන් නිවසේ ප්‍රධාන දොරට සහ ගෘහ උපකරණ කිහිපයක අලාභහානි සිදුව තිබෙන අතර කෝවිලේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ලබා දුන්නොත් මරා දමන බවට නිවැසියන්ට සහ අසල්වැසි හින්දු භක්තිකයන්ට ප්‍රහාරයට පැමිණි පිරිස තර්ජණය කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු කොටහේන පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙන අතර පෙරදා සිදුවූ පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ල අද සවස්වරුවේ විභාගයට ගැනීමටයි නියමිතව තිබෙන්නේ.

Related posts

හරින්ගේ ගෝලයෝ බදුල්ලේදී අහිංසකයෙකුට තලයි

colombotoday

මේ ආණ්ඩුව මුක්කු ගසාවත් කෙළින් කල නොහැකියි.. එන ඡන්දයේදී පරාජය අනිවාර්යයි…

colombotoday

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමේ නියෝගයට ජනපති අත්සන් තබයි…

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

බැදුම්කරය නොදෙවෙනි වංචාවක් සිදුකළ සමාගමකට SAITM දෙන්න යයි

colombotoday