1815 මාර්තු 2වන දා උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග වසර දෙදහස් තුන්සිය ගණක් අඛණ්ඩව, අවිඡින්නව පවත්වාගෙන ආ සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී සිංහලේ ස්වාධීනවූත්, අභිමානනීය වූත් සිංහලේ රාජ්‍යයේ අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අප සිංහලේ රාජ්‍යයද සිලෝන් විය, ඉන් පසුව ශ්‍රී ලංකාව විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගතින් සිංහල වුවද මනසින් පරගැති සිරිත් විරිත් හිස් මුදුණින් ගත් ඔවුහූ අදත් රට ගෙනයමින් පවතින්නේ සුද්දන්ට අවැසි දිසාවටම නොවන්නේදැයි යළි යළිත් කල්පනා කළ යුතුය.
“බිය නොවන්න අයියණ්‌ඩි මැරෙණ හැටි මම පෙන්වන්නම්” යි කී මද්දුම බණ්‌ඩාර කුමාරයා “එක පහරින් කපව” යි ගහලයාට අණකොට දංගෙඩියට හිස තැබුවේය. පිරිමින්ගේ හිස් ගසා දැමුණු අතර ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු කාන්තාවන් ගල් බැඳ බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලදී.
මහනුවර ගෙවල් දොරවල් වැසිණි. පහන් නොදැල්විණි. ලිපි ගිනි නොමෙලවිණි. ළෙහි අත් ගසාගත්තෝ අනේ අපොයි කීහ. වීථි මගතොට පාළුවී ගියේය.
රාජ ආඥවේ භීතියෙන් රට වෙවුලා ගියේය. සිය දරුපවුල ඝාතනය කළ බව ආරංචි වූ ඇහැලේපොළ කෝපාග්නියෙන් දැවෙමින් දණ්‌ඩෙන් පහර ලත් සර්පයකු සේ කිපී ඉංග්‍රීසි හමුදාවක් ගෙන 1815 ජනවාරි 10 වැනිදා මහනුවර බලා ගමන් ආරම්භ කළේ දුෂ්ට වඩුග රජුගෙන් ලේවල පළිය ගැනීමේ පරම අභිලාශයෙනි. මෙවැනි අවස්‌ථාවක් උදාවනතුරු කල් බලමින් සිටි ජනරාල් බ්‍රවුන්රිග් යුද ප්‍රකාශ ආඥවක්‌ද ප්‍රසිද්ධියට පත් කළේය. එය එකහෙළාම ජනතාව කෙරෙහි උපන් ළෙහි කරුණාවෙන්ම ලියවුනක් සේ දිස්‌විය. කිසිසේත්ම ජනතාවට එරෙහිව නොව දුෂ්ට ක්‍රෑර පාලක ශ්‍රීවික්‍රම රාජසිංහගෙන් රටත් ජනතාවත් මුදාගැන්ම සිය එකම අරමුණ බව එහි සඳහන්විය. ආගම ධර්මයද, ප්‍රභූපැළැන්තියද, රටද විනාශ කරමින් නීතියක් යුක්‌තියක් නැති මිනීමරු පාලකයාගෙන් රට බේරා ගැනීමට තමන්ට සහාය ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. මේ අනුව බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයාද විශේෂ හමුදාවක්a ගෙන කොළඹින් පිටත් වූ අතර, ගාල්ල, ත්‍රිකුණාමලය, මීගමුව, මඩකලපුව යන ප්‍රදේශ වලින්ද වෙන වෙනම හමුදා සේනාංක ගමන්කරමින් 1815 පෙබරවාරි 14 වැනිදා මහනුවර නගරයට ඇතුළුවිය.
රට භීෂණයෙන් තැතිගැන්වී බොහෝ ප්‍රභූවරුද, තමන්ට එරෙහිව සිටින බවත්, නොවැරදීම ඇහැලේපොළ ඉංග්‍රීසින් සමඟ උඩරට ආක්‍රමණය කරන බවත් දත් ශ්‍රී වික්‍රම රාජසිංහ සිය භාණ්‌ඩාගාරයේ තිබූ වටිනා දේ තැන තැන සඟවමින්, ඉතා හිතේසිවන්ත කීප දෙනකුද බිසෝ වරුන්ද සමඟ රැකවරණය පතා පලා ගියෝය.
මහනුවරට ඇතුළු වූ ඉංගී්‍රසි හමුදාවෙන් 800 ක පමණ විශේෂ කණ්‌ඩායමක් රජු ඇල්ලීම සඳහා පිටත්කර හරින ලදී. මෙම පිරිසට තෙල්දෙණියේදී රජු ගැන ලද ඔත්තුවක් අනුව මීමුරේ ආරච්චිගේ නිවස වටලන ලදී. සේනාංකය සමඟ ආ සිංහලයන් වැටලීමේ පෙරමුණ ගත් අතර, ඔවුන් සිත්වල තෙරපෙන කෝපය පිරිමසා ගැන්මට මාන බලමින් සිටියෝද වූහ. නිවසෙහි දොර නොහරින ලදින් සිංහල මිනිසුන්ගේ මෝල්ගස් පහරින් දෙපළුවී ගිය දොරින් ඇතුළු වූ ඔවුන් විසින්ම රජු සහ බිසෝවවරු මිදුලට ඇද දමන ලදී. බිසෝවවරුන් කන කර ආභරණ කන් පෙති ඉරා දමමින් කඩාගත්තෝය. “මු ඌරකු සේ බැඳ ගෙනයා යුතුයෑයි” එක්‌නැළිගොඩ රජුගේ දැත් කිරිඳි වැලින් ගැට ගැසූ බවත් ඉංග්‍රීසින්ගේ දැඩි විරුද්ධත්වය මත ලිහා දමන ලද බවත් සිද්ධිය ඇහින් දුටු භාෂා පරිවර්ථකයකු විස්‌තර කොට තිබේ.
වසර දෙදහස් ගණනක් පුරාවට ලංකාද්වීපය පාරම්පරිකව පාලනය කොටගෙන ආ සිංහල රාජ්‍යත්වය පා පහර ලද බලුකුක්‌කකු සේ ඉංග්‍රීsසින්ගේ දෙපාමුලට විසිවී ගියේ මෙසේය. ඉංග්‍රීසින්ගේ මැදිහත් වීමෙන් නොමැරී බේරුණු රාජසිංහ ඉංග්‍රීසින් විසින් පිළිගන්නා ලද්දේ අප්‍රමාණ සතුටින් යුතුව රාජ්‍ය ගෞරව පාමිනි. 1815 පෙබරවාරි 18 දා රජු අල්ලාගත් බව ඊට පසුදින ආරංචි වූ බ්‍රවුන්රිග් සතුටු කඳුළින් යුතුව සිංහලයන්ට ස්‌තුති කරන ලදී.
තැතිගත් සිතින්ද මරණ බියෙන්ද සිටි රටවාසීහු සැනසුම් සුසුම් හෙළන ලදහ. එහෙත් ඉදිරියේ එන අනතුර දුටු බෞද්ධ භික්‍ෂූන් වහන්සේ හා ප්‍රබුද්ධ සිංහලයෝ සිය කෝපය වසංකොට ගන්නට ගත් උත්සාහයන් ව්‍යාර්ථ වූ අවස්‌ථාද විය. 1815 මාර්තු මස දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේ ඉංග්‍රීසින් හා ඇහැලේපොළ ප්‍රමුඛ උඩරට ප්‍රභූන් සහභාගි වූ විශේෂ උත්සවයක් විය. ඒ හරියටම මීට වසර 201 කට පෙරදීය. එම උත්සවය සඳහා එංගලන්තයේ තුන්වන ජෝරඡ් රජු වෙනුවෙන් බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයාද උඩරට ප්‍රභූන්ද සහභාගී විය. කලින් කතිකා කොට සකස්‌කරගත් උඩරට සුප්‍රකට ගිවිසුම අත්සන් කළේ මෙදිනය. එය ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් කියවද්දී ඉංග්‍රීසි කොඩිය ශාලාවෙන් පිටත ඔසවා තිබුණු දුටු වාරියපොළ සුමංගල හිමි ඊට තව කල් ඇතැයි කියා ඇද බිමහෙළන ලද්දේ අනාගත අනතුර ඇඟවීම පිණිස විය. මේ සිදුවීමේදී කෝප විය යුතු ඉංග්‍රීසීහු සිය තියුණු කපටි බුද්ධිය ප්‍රදර්ශනය කරමින් සමාව ගත්තේ තව සුළු මොහොතකින් මුලු රටම සිය අණසකට යටත්වන බව ස්‌ථිර හෙයිනි.
සිංහලයාගේ ප්‍රෙෘඪ ඉතිහාසය ලියා අත්සන්කර පවරාදුන් “ගිවිසුම” මෙසේය.
ක්‍රිස්‌තු වර්ෂයෙන් එක්‌දහස් අටසිය පහළොවක් වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශත වර්ෂ එක්‌වාදහස් සත්සිය තිස් හයට පැමිණි අවුරුද්දේ නවම් මස අව සතවක් නම් තිථිය ලත් ගුරුදින සෙංකඩ ශෛලාභිධාන පුර ප්‍රවරයෙහි මාළිගා අභ්‍යන්තරයට එක්‌වූ සම්මුතියෙහිදී මහත් බ්‍රිතාන් අයර්ලන්ත් යන එකඟ වූ රාජ්‍යයෙහි රාජ්‍යශ්‍රීයට පැමිණි තුන්වැනි ජෝර්- මහා රාජෝත්තමයාණන් වහන්සේගේද රාජ්‍යය කරන්නාවූ ජෝර්- වේලෙසහි කුමාරයින්ගේද වෙනුවෙන් ඉංග්‍රීසි ස්‌ථානවල පළමු වෙනි ආණ්‌ඩුකාර තානාන්ත්‍රයට පත්වූ ලොයිතනන්ත් ජනරාල් රොබර්ට් බ්‍රවුන්රිග් ගරුතර ගොවැර්න දොaරු උතුමාණන් වහන්සේ එක් පක්‍ෂයකටද සිංහල වැසියන් වෙනුවට අදිකාරම්වරු සහ සිංහල රටවල් වලද, දිසාවල්වලද, දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්‍රධාන රදළවරු මෙහි එක්‌වූ මොහොට්‌ටාල්ලා, කොරාල්ලා, සහ අනිකුත් සුලු මුලාදැනි ඇතුළුව සේනාවද අභිමුඛයෙහිදී එක පක්‍ෂයකට වී මෙසේ ගිවිස්‌වා නියෝග කරන්නට යෙදුණාය. ඒ කෙසේද යත්.
01. විභාගයක් නොකර සමහර සන්ධිවලදී පැමිණිල්ලක්‌වත් නැතිව නොහොත් වැරැද්දක්‌වත් කිරීමට ඉඩ ප්‍රස්‌තාවක්‌වත් පමණක්‌වත් නොලැබුණු කාරණා වලදී පවා නියමයක් නැතුව හිතුවක්‌කාර වශයෙන්ද අනදරයෙන්ද ශරීර වද සහ මරණ වේදනාද පමුණුවීමෙන් නඩුවට මහත් ලෙසින් නින්දිත කොට කඩකරන්ඩ යෙදීමෙන් දෙමළ රජුගේ ක්‍රෑරකම් සහ බලාත්කාරකම්ද ඉවසාගත නොහැකි තරම් ඉතා මහත්ව විශාල වෙන්ඩ යෙදුණා. ර-ජුරුවන්ගේ සහ රටවාසීන්ගේ ගැලවිල්ලට කාරණා වූ යුතුකමද ස්‌වමීප රටවල් වලින් ගන්ඩ පුළුවන්ව තිබුණු ප්‍රයෝජනවත් වූ ගනුදෙනු කිරීමද ලබා ගන්ඩ පුළුවන් වීමට කාරණා වූ විශ්වාසද මෙම ර-ජුවරුන්ගේ ආඥවේ ක්‍රියාවල සහ ගුණයෙහිද මුළුමනින්ම තිබුණේ නැත.
02. ශ්‍රී වික්‍රම රාජසිංහ ර-ජුරුවො රජදරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාර වූ යුතුකම් කඩ කරන ස්‌වභාවයකින් ඒ රාජාඟයට ඇත්තා වූ සියලු ම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්ඩ යෙදුණාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්‍ෂයෙන් පැවත එන නොහොත් ආවාහ විවාහයෙන් පැවත එන අනේක ප්‍රකාර වූ නෑදැයන්ද හැම කල්ම දෙමළ වර්ගයට ඇත්තා වූ සියලුම අයිතිකම නැති කරන්ඩද විනාශ කරන්ඩද යෙදුණුවග මෙහි සඳහන් කරනුයෑ.
03. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටපු ර-ජුරුවන්ට ආවාහ විවාහයෙන් නොහොත් පෙළපතින් එක්‌කො අවශේෂ ප්‍රකාර නෑකම් ඇති නොහොත් වංචක වූ ප්‍රයෝගයෙන් නෑකම් ඇත කියන සෑම පුරුෂයිනට සිංහල රටේ ආඥවට සතුරු වූ බව මෙයින් එළිදරවු කරන්ඩ යෙදුණා පමණක් නොව කොයි කාරණාවක් පිණිසවත් ඉංග්‍රීසි ගොවැර්නමේන්තුවේ බලේ ඇති ඔප්පුවක් නැතිව ඒ රටට ඇතුල් වන්න බැරිය. එසේ ඇතුල් වන්න යෙදුන වීනම් යුද වේලාවල් වලදී පවතින නඩු මාර්ගයේ අච්චු වලට යටත් වන්ඩ ඕනෑය. එසේ හෙයින් ඒ නඩු මාර්ගය මේ පිණිස නියෝග කරන්නත් යෙදුණාය. දැනට මෙරටින් බැහැර කරන්ඩ යෙදුනාවූ සෑම දෙමළ පුරුෂයෝ ඉහළ කී ප්‍රකාර අවසරයක් නැතිව එහි දෙවනුව නොයන ලෙස වරක් කී අච්චු කරණකොට ගෙන තහනම් කරන්ඩ යෙදුනුයෑ.
04. යුතු ප්‍රකාර ඉංග්‍රීසි ගොවැර්නමේන්තු බලයක් පිට පත්කරන අදිකාරම්වරුන්ඩද, දිසාපතිවරුන්ඩද, මොහොට්‌ටාල්ලාටද විදානවරුන්ඩද සහ අනෙකුත් සෑම රදළවරුන්ඩ සහ සුලු මුලාදැනිවරුන්ඩද ඔවුනොවුන් ගෙනා තානාත්ත්‍රවල නියමවල්ද යුතුකම්ද, බලේද, නානාප්‍රකාර වැසියන්ද, ඔවුනොවුන්ගේ දේපළ වලටද, වෙනත් ඔවුනොවුන්ගේ යුතුකම් වලට සහ නිදහස් කම් වලටද, ඔවුනොවුන් අතරේ නොකඩවා පවත්නා පුරාණ සිරිත් චාරිත්‍ර නඩු ප්‍රකාර ආරක්‍ෂාව ඇතිව සිංහලේ රටවල් වල ආණ්‌ඩුව ඉංග්‍රීසි රාජ්‍යයේ මහාරාජෝත්තමයාණන් වහන්සේට යටත් වන්ඩ යෙදුණා සහ ආඥව ලංකාවට පැමිණි ගොවැර්නදොaරු උතුමාණන් වහන්සේලා විසින්ද, උන්වහන්සේලා වෙනුවෙන් පවත්වන්නා වූ එජැන්ට් යන මුලාදැනි විසින් පවත්වන්ඩ යෙදෙනවා ඇත.
05. මෙකී රටවල මුලාදැනි සහ වැසියන් විසිනුත් අදහන්නා වු බුද්ධ ශාසනයද දේවාගමද කඩකළ නොහැකිව පවත්වන්ඩ ඕනෑව සහ එහි කටයුතුද සංඝයාද, විහාරස්‌ථානද, දේවාලද පවත්වන්ඩ සහ ආරක්‍ෂා කරන්න ඕනෑය.
06. ගාත්‍රා සන්ධිස්‌ථාන අවයවයන් කැපීමෙන් කරන නානාප්‍රකාර ශරීර වූද. වේදනා නැති කරන්න සහ තහනම් කරන්නත් යෙදුණාය.
07. මරණ අච්චු නියෝගයක් ඉෂ්ට කිරීම ඒ කරණාවේ වග රට මැද සිටින්නා ව ආණ්‌ඩුවෙන් තැබී හිටින ඒජැන්ට් යන නම් ඇති නිලමක්‌කාර තැන නොහොත් නිලමක්‌කාරයන් විසින් ඔප්පුකර ඉංග්‍රීසි වූ ගොවැර්නදොaරු එක්‌කො ලොයිතනන්ත් ගොවැර්නදොරු උතුමාණන් වහන්සේ කෙනෙකුගෙන් බලේලත් ඔප්පුවක් පිට මිස වෙන හැටියකින් බැරිය. මෙසේ බරපතල කාරණා එම ඒජැන්ට්‌වරු අභිමුඛයෙහිදී විභාග කරන්නට ඕනෑය.
08. මෙකී දේට යටත් වී සිංහල රටවල් වල වැසියන්ගේ සිවිල් ඒ නම් ගම් බිම් දේපල ණය ගැන කියන නඩුද ක්‍රිමිනෙල් එනම්, මිනීමැරුම්, සොරකම්, ආදී නඩුද යන මේ නඩු පනත් සහ රටේ ආණ්‌ඩුවද නියමය තිබෙන ක්‍රම වලට සහ බැවහාරව තිබෙන ප්‍රකාර බලේ ලත් රදළවරුන් විසින් පවත්වන්ඩ ඕනෑය. එහෙත් සෑම කාරණාවලදී වෙන් වශයෙන් සහ විශාල වශයෙන් ද සිද්ධවෙන ආකාර වලට පිහිට වීමටද යුතු වෙනස් කිරීමටද මැදිහත් වෙන්ඩ ඕනෑ සන්ධි වලදී ආණ්‌ඩුවේ නියත වූ යුතුකමට යටත්ව තිබෙන්ඩ ඕනෑය.
09. සිංහල වැසියො නොවන මෙරටවල සිටින නොහොත් මෙහි එන්ඩ යෙදන සිවිල් මිලීසියේ සෑම අයගේම සිවිල් සහ ක්‍රිමිනල් නඩු ඇසීම එංගලන්තෙ මහාරාජෝත්තමයාණන් වහන්සේගේ ආඥවෙන් වෙනසක් වනතුරු මෙසේ පවත්වන්ඩ යෙදෙයෑ. ඒ කෙසේද යත් හේවා පන්නක්‌කාරයන්ගේ ක්‍රමයට යටත්වූ හේවා පන්නක්‌කාර මුලාදැනී සහ හේවාපන්නක්‌කාරයෝද, හේවා හමුදාව කැටුව එන්ඩ වුන්ද ඇර අනිකුත් සෑම දෙනාම මිනීමැරුම් කාරණාවල් ඇර වෙන සෑම කාරණා වලදීම ඉංග්‍රීසි ගොවැර්නමේන්තුවේ ඒජැන්ට් සහ නිලමක්‌කාර නොහොත් නිලමක්‌කාර තැනගේ නඩුවට යටත්ය. එහෙත් මිනීමැරුම් කාරණාවලදී ගරුතර ගොවැර්නදොaරු උතුමාණන් වහන්සේ විසින් කලින් කලට නියම කරන කුමතේරුවරු විසින් විභාග කරන්ඩ යෙදෙනවා ඇත. එසේ වී නමුත් සෑම වේලෙහිම ඉංග්‍රීසි දේශක්‌කාරයන් විසින් අන්‍යදේශ වලදී කරන්න යෙදෙන වැරදි විභාගයට නියම වී පවතින මහත් බ්‍රිතාන් අයිර්ලන්ත් යන එකඟව රාජ්‍යයේ නඩු මාර්ගයෙන් විනිශ්චය කළ හැකි වූ ඉංග්‍රීසි දේසක්‌කාරයෙක් මිනීමැරුම් නඩුවකදී විත්තිකාරයෙක්‌ව සිටියේ වී නම් එකඟ වූ තම රාජ්‍යයේ ඒ නඩු මාර්ගයෙන් විනා සිංහලේ කරන්ඩ යෙදුණාය කියන මිනීමැරීමේ නඩුවකදී ඉංග්‍රීසි දේසක්‌කාරයෙක් වෙන ප්‍රකාරයකින් විනිශ්චය කරන්ඩ යෙදෙන්නේ නැත. දෙවනුත් හේවා පන්නක්‌කාර මුලාදැනි සහ හේවාපන්නක්‌කාරයෝද හේවා හමුදාව කැටුව යන උන්ද ඔවුන් විත්තිකාරයන්ව සිටින සෑම සිවිල් ක්‍රිමිනල් නඩුවලදීම යුද්ධයේ නඩු මාර්ගයට සහ චාලිත්‍රයේ ප්‍රකාරයටද යටත්ව හිටින්ඩ ඕනෑය. එහෙත් මෙම වගන්තියේ බල කරන කොටගෙන විභාගවන මේ නවවෙනි වගන්තියට වැදගත් සිවිල් කාරණා සහ මිලිසියේ කාරණාද යන සෑම කාරණා වලදීත් නඩු ඇහීමට වැදගත් සෑම ලිපි බැලීමට ද මේ වගන්තියේ කාරණා සම්පූර්ණ වශයෙන් සිද්ධවීම පිණිස ඕනෑ වෙන වෙනත් කාරණා පංගාර්තු කර තබන්නද ගරුතර ගොවැර්නදොaරු උතුමාණන්ට බලේ තියනවායෑ.
10. හේවා හමුදාව එන ගමනේදී සවල්ප කාලයකට ප්‍රසිද්ධ කළා වූ යම් දැන්වීම් පත්‍රයක ආඥවල් කරනකොට ගෙන ඉහළ වගන්තිවල කාරණා වැළකෙන්ඩ යෙදෙන්නේ නැතුවත් ඇර ඉහළ වගන්ති වලට එකඟ නොවනා මේ සෑම අනාඥවල්ම මෙයින් අවලංගු කරන්ඩ යෙදුණාය.
11. සිංහල රටවල්වල රාජ නියමයෙන් ද ආදායමද මහා රාජෝත්තමයාණන් වහන්සේගේ වැඩට සහ මේ රටේ ආඥව වර්ධනය වීමටද යුතු වූ සිරිත් ප්‍රකාර ඉංග්‍රීසි ගොවැර්නමේන්තුව වෙනුවෙන් තැබෙන ඒජැන්ට් යන නිලමක්‌කාර තැනගේ යටතේ එක්‌කාසු කරන්ඩ යෙදෙනවා ඇත.
12. මේ රටවල්වල වෙළහෙළඳාම වර්ධනය වන පිණිස මෙහි උපදින දේ වෙළ¹ම් පිණිස ගෙනයැම පහසුවන හැටියට ද මුදල් රෙදි එනු නොහොත් සිංහලේ වැසියෝ වැඩි කැමති ඇතිවන බඩු ඒ පිණිස ගෙන ඒම පහසුකරන පිණිසද, එන කලට පංගාර්තුවක්‌කාර මහා රාජෝත්තමයාණන් වහන්සේගේ වෙනුවට රාජ්‍ය වර්ධන කරන කුමාරයන් විසින් ඒ පංගාර්තුව ඒත්තුගන්නා ලෙස ගරුතර ගොවැර්නදොaරු උතුමාණන් වහන්සේ විසින් ඉල්ලා අරින්ඩත් යෙදෙනවා ඇත.
දෙවියන් වහන්සේ ආරක්‍ෂා කෙරෙත්වා
අත්සන් තබන ලද්දේ
රොබට් බ්‍රවුන්රිග්
ඇහැලේපොළ
* (මොල්ලිගොඩ මහ අධිකාරම සහ සත්කෝරලේ දිසාව) මොල්ලිගොඩ
* (පිළිමතලව්ව දෙවන අධිකාරම, සබරගමු දිසාව) පිළිම තලව්වේ
* පිළිම තලව්වේ සතර කෝරළේ දිසාව) පිළිම තලව්වේ
* මොනරවිල ඌවේ දිසාව) මොනරවිල
* (රත්වත්තේ මාතලේ දිසාව) රත්වත්ත
* (මොල්ලිගොඩ තුන්කෝරළේ දිසාව) මොල්ලිගොඩ
* (දූල්ලෑව වලපනේ දිසාව) දූල්ලෑව
* (මිල්ලව වෙල්ලස්‌සේ සහ බින්තැන්නේ දිසාව) මිල්ලව
* (ගලගම තමන්කඩ දිසාව) ගලගම
සහතික කළේ ෙ-මිස් සදර්ලන්ඩ් (උඩරට පළාත් ලේකම්)
(ආණ්‌ඩුවේ භාෂා පරිවර්තක ෙ-. ඩොයිල් ආණ්‌ඩුවේ ලේකම් තැන්පත් ෙ-ම්ස් සදර්ලන්ඩ් ඉදිරි පිටදීය.
(අදාල ගිවිසුම අත්සන් කිරීමේ දිනය සහ සිංහල නිලමේවරුන්ගේ අනුමැතිය සම්බන්ධයෙන් බරපතල සැක මතුවන තැන් කිහිපයක් පිළිබදවද ජෝන් ඩොයිලිගේ දින සහටහන් පිරික්සීමේදී පෙනී යයි. එයට අනුව ඉහත නම් සදහන් වන නිළමේවරුන් ගිවිසුමට අත්සන් තබා ඇත්තේ කඩින් කඩ වන අතර ඇහැළේපොළ මහ නිළමේ අත්සන් තබා ඇත්තේ මාර්තු 18වැනි දින බව සදහන් වෙයි. අදාළ සිදුවීම්පෙළ සම්බන්ධයෙන් ඓතිහාසික මුලාශ්‍ර පිරික්සීමේදී පෙනී යන්නේ ඉංග්‍රීසීන් විසින් කපටි ලෙස උඩරට ප්‍රධානීන් නොමග යවා මෙම ගිවිසුම එළඹී ඇති බවයි.)
එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම සිංහලේ රටද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.
1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරට සිංහලයෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.
එක පෙළට නැගුණු විමුක්ති අරගල කෲර ලෙස මර්ධනය කරන ලදි. ජාතියේ ජීවනාලිය වූ භික්ෂූන් වහන්සේ ශාරීරිකවද ඪික්ෂූව නමැති අසහාය චරිතයද ඝාතනය කරන ලදි. පොත් ගුල් වෙහෙර විහාර ගිනි බත් විය. වැව් අමුණු කඩා බිද දමා දේශීය කෘෂි කර්මය, තාක්ෂණය වසර දහස් ගණනක් පුරා ගොඩනගාගත් දැනුම් පද්ධතිය මුළුමනින්ම විනාශ කරදැමුණි. ගම, පන්සල, කෙත කමත කේන්ද්‍රකරගෙන ගොඩ නැගුණු සාරවත් සමාජ වියමන විනාශ කර දුරාචාරී සමාජ රටාවක් බිහි කරන ලදි. පන්සල මූලික කරගත් අධ්‍යාපන ක්‍රමය විනාශ කර මිෂනාරී අධ්‍යාපන ක්‍රමය හදුන්වා දුනි. ඒ හරහා ස්වාභිමානය, ජාතිකත්වය, දේශවාත්සාල්‍ය ස්වදේශික දරු පරපුරේ ඉහමොළ වලින් ඉවත්කර සදාකාලික පරගැති පරපුරකට අඩි තාලම දැමූහ. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හරහා සිංහලයාගේ දේශපාලන බලය දියාරු කර සුළු ජාතික බලය ශක්තිමත් කර ජාතිවාදී, බෙදුම්වාදයට පදනම දැමූහ. 1815 පැහැරගත් සිංහලේ රාජ්‍ය වෙනුවට 1948දී යළි අපට බාරදුන්නේ සෑම අතින්ම පිරිහුණු, බෙදී වෙන්වුණු, ජාතිවාදය බෙදුම්වාදය ශක්තිමත් කළ ඇවිළෙන ගිනි ගොඩකි.
මේ වනවිට උඩරට ගිවිසුම අත්සන් කොට වසර 201 ක් ගතවී ඇත. ඉන් වසර 133 කට පසු 1948 නාමික නිදහසක් ලද අප 1972 ජනරජයක් බවට පත්වූවද නිදහස නියම ලෙස අර්ථ ගැන්වී අත්විඳින්නන් නොවන්නෙමු. සුද්දන් විසින් බිහිකර ගිය කළු සුද්දන් රැළකට මැදිව තවදුරටත් වහල් මානසිකත්වයකම හිරවී සියල්ල පිටරටින් එනතුරු අප තවමත් මුහුදට දත නියවමින් සිටින්නෙමු. එදා හොර ගිවිසුමෙන් සටකපට ලෙස අපව ග්‍රහණයට ගෙන යකඩ සපත්තුවෙන් පාගා අපව පාලනය කළවුන්ගේ නූතන පරපුර, එදා වරදාන වරප්‍රසාදවලට, සුද්දන්ගේ උගුල්වලට යටවී රට දැය පාවාදුන් පරපුරුවල නූතන කළු සුද්දන්ද පාවාගෙන සිය බෙදුම්වාදී ජාතිවාදී න්‍යයාපත්‍ර පෙරට ගෙන රටෙත් ජාතියෙත් ස්වෛරීත්වය සදහට අහමි කරවීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටිති. මේ එළඹෙන මොහොතක් පාසා අප අවදියෙන් සිටිය යුතු කාලයයි.