රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණ බලය සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු හිමිවරුන් හය නමක් සහ තවත් පස් දෙනෙක් අද ඇපමත නිදහස් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද නියෝග කරනු ලැබුවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණේ යැයි චෝදනාව මතයි හිමිවරුන් ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ.
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තවත් හිමිවරුන් පරිසක් අද හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.