Colombo Today Local News

පැල් රකින්න ගිය අම්මයි පුතයි ගිනි ගෙන මැරුණා නොවේ වෙඩි තබා පිහියෙනුත් ඇන මරලා

හබරණ අග්බෝපුර ප්‍රදේශයේ ගොවි බිමක පසුගිය 20 වැනිදා මියගිය මව සහ පුතුගේ මරණය ඝාතනයක් බව හබරණ පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ඝාතනයට ලක්වූයේ කිතුල්පතුව, අග්බෝපුර රාජපක්ෂගේ මල්ලිකා රාජපක්ෂ නමැති වයස අවුරුදු 46ක් වන තිදරු මවක් සහ නරසිංහ මුදියන්සේලාගේ ඉසුරු සෞභාග්‍ය බණ්ඩාර නමැති වයස අවුරුදු 13ක් වන පුතුය.

පොලිසිය පවසන්නේ මවට වෙඩි තබා 13 හැවිරිදි දරුවාට තියුණු ආයුධයකින් පහර දී ඔවුන් දෙදෙනා විදුලි කාන්දුවක් හේතුවෙන් මියගිය බවට ඇගවීමට නිදා සිටි ඇදේ මෙට්ටයට ගිනි තබා ඇති බවට මූලික පරික්ෂණවලදී හෙළි වූ බවයි.

පැල් රැකීමට ගිය මව සහ පුතු ඝාතනයට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24ක අවිවාහකයකු බවයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වූ මවගේ රන් භාණ්ඩ තොගයක් එම පවුලටම නෑකම් කියන පුද්ගලයකු විසින් සොරකම් කර තිබේ.

මේ සඳහා ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයට යාමත් සමග මෙම සැකකරු කලක සිට මෙම කාන්තාව සමග උරණ වී ඇති අතර දින ගණනාවක්ම මෙම ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සමාදාන වන ලෙස ඇගෙන් විමසුව ද ඊට ඇය කැමැත්තක් නොදක්වා ඇත.

පසුගිය 20 වැනිදා ද ඇය සහ ඇගේ බාල පුතූ නිවෙස පිටුපස වගා කර ඇති කුඹුරේ පැල් රකිමින් සිටියදී මෙම පුද්ගලයා එම ස්ථානයට පැමිණ සමාදාන වන ලෙස ඇගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එදින ද ඇය එයට කැමැත්තක් නොදැක්වූ විට ඇයට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව ඇගේ පුතු එය දැක ඔහු සමග පොර බැදීමට උත්සාහ ගැනීමේදී ඔහු පුතාට පිහියෙන් ඇන තිබේ.

මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු මෙම ඝාතනය සිදුකර ඒ ආසන්නයේ ඇති එක්සයිස් වැව් තාවුල්ලෙ තුවක්කුව සඟවා පුතු ඝාතනය කිරීමට යොදාගත් පිහිය එම වැවේ මඩේ සඟවා තිබෙන බවයි. පෙරේදා (23)දින පොලිසිය මගින් ඝාතනය කිරීම සඳහා යොදාගත් දෑ සොයාගෙන තිබේ.

Related posts

SF ලොකූ අත්අඩංගුවට ගැනීමට පෙර සොයිසාගේ ඝාතනය ගැන වීඩියෝවකින් කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

පුෂ්පිකාගේ කිරුළ යලිත් ගැලවෙයි.. රෝසිත් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

නිව්යෝක් ටයිම්ස් කියන්නේ පැහැදිලිවම ඇත්තයි… ඔර්ලෝසු, සාරි මටත් ලැබුණා…

colombotoday

අධිවේගයෙන් වැඩිවන අධිවේගයේ අනතුරු

Admin

“මගේ ගමන නවත්වන්න කොටින්ට බෑ” කොටි කුලප්පුවට මහින්දගෙන් සිනාමුසු ප්‍රතිචාර

colombotoday

වාරියපොල නාවික සෙබලාගේ පියාට සහ සොයුරාට පහර දෙන්න පොලිස් නිලධාරියෙකුත් හවුල් වෙලා

colombotoday