Colombo Today Local News

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

ministry of agriculture

කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කුළියට ගත් සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අයත් ගොඩනැගිල්ලේ පදිංචියට නොගොස් අප්‍රේල් මාසයේ සිට මේ වන විට රුපියල් අට කෝටි හතලිස් ලක්ෂයක මුදලක් කුලිය වශයෙන් ගෙවා තිබෙන බව වාර්තා වේ.

මසකට රුපියල් දෙකෝටි දස ලක්ෂයක කුලී පදනමක් යටතේ ඉකුත් අප්‍රේල් අට වනදා ලබාගෙන ඇති මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අමාත්‍යාංශය වසර දෙකක කුලිය වශයෙන් රුපියල් පනස් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා ඇත.

ගණන් දීමේ නිලධාරියා වශයෙන් රජයේ මුදල් මේ අන්දමින් වැය කිරීම යෝග්‍යදැයි ගනුදෙනුව සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදෙන විගණකාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය මැයි 06 වැනිදා විමසා තිබේ. අංක සී/ඒ.ජී.එල්/15/ඒකිව්/21 යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් යවනු ලැබ ඇති ලිපියේ එම විස්තරය දැක්වෙයි.

Related posts

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගන්නවා. ඇමති අකිල විරාජ් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

උදිත් ලොකුබණ්ඩාර අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ධුරයට

colombotoday