Colombo Today Local News

මෛත්‍රී – මහින්ද හමුවකට සූදානම්.. පොහොට්ටුව ගැන සාකච්ඡාවක් !

mithre-mahindaශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි පරාජයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර ඉක්මන් සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශ්වයේ ක්‍රියාකාරී මන්ත්‍රීවරුන් පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මහින්ද මෛත්‍රී හමුවක් සංවිධානය කිරීමට ආසන්න හේතුව වී ඇත්තේ ජී.එල්. පීරිස්ගේ සහභාගිත්වයෙන් යුතු නව පක්‍ෂයක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ විසින් පිහිටුවීම වන අතර ලංකා පොදුජන පෙරමුණ නම් එම පක්‍ෂය පසුගිය 17 වැනිදා මහින්ද රාජපක්‍ෂගේ ප්‍රචාරණ කටයුතු සඳහා වන බත්තරමුල්ල නෙළුම් මාවතේ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

එම මාධ්‍ය හමුව සඳහා යොදා තිබුණු පසුබිම් බැනරයේ මහින්ද රාජපක්‍ෂගේ රූපය යොදා තිබීම හා එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරාධනා කරන ලද ලිපි ශීර්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ මහින්ද රාජපක්‍ෂගේ රුව මුද්‍රණය කර තිබීම මෙම සාකච්ඡා තවදුරටත් ඉක්මන් කිරීමට හේතුවී ඇත.

Related posts

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට එවන්න. | වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වයි.

colombotoday

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday

තෙල් තොගය ගැන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිවේදනයක්

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

සතොස භාණ්ඩ වර්ග 5ක මිල පහළ දමයි

Admin