උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නායකත්වය දර් දෙමළ ජනතා සංසදය විසින් පැවැත්වූ “එළුග තමිල්“ රැළියේ දෙවන අදියර එළඹෙන ජනවාරි මස මඩකලපු දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සම සභාපති ආචාර්ය පී. ලක්ෂ්මන් පවසයි.
පසුගිය 22 වනදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.
උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම නැවැත්වීම, බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නැවැත්වීම, හමුදා කදවුරු ඉවත් කළ යුතු බවට අවධාරණය කර ඇති අතර, දමිළ නිජබිම (දෙමළ ඊළම) ස්වයංනීර්ණ අයිතිය පිළිගනිමින් උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් දෙමළ ජනතා සංසදයා සැප්තැම්බර් 24 දින පළමු “එළුග තමිල් (නැගිටිව් දෙමළුනි) විරෝධතාව යාපනයේදී පැවැත්විණි.