Colombo Today Local News

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

12568956ghj

පළාත්සභාවලට අධික බලතල ලබා දෙමින්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය අහිමි කරමින්, රටේ ඒකීයභාවයට හානිකරන බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරගැනීමට ඉඩ නොතබන බවත්,  ජනතා විරෝධය නොතකා ව්‍යවස්ථාව සම්මත කරගැනීමට උත්සහා කළහොත් දහස් ගණනක් දේශප්‍රේමී පරිස් සමග පාර්ලිමේන්තුව වටලන බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පවසයි.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරේ බෞද්ධ සංවිධාන කිහිපයක එකමුතුවෙන් පිහිටවූ “ශාසනාරක්ෂක සභාව“ මඩකලපුවේ පීඩාවට ලක්ව සිටින සිංහල බෞද්ධ ජනතාවගේ ගැටළු සොයාබැලීම වෙනුවෙන් ලබන 3 වනදා සංවිධානය කර ඇති වැඩසටහන පිළිබදව දැනුවත් කිරීමේදී අදහස් දක්වමිනි. නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානය වෙනතක යොමු කිරීම සදහා “ශාසනාරක්ෂක සභාව“ ක්‍රියාකාරීව සිටින බවට ඇතැමුන් දුර්මත ප්‍රචාරය කරන බවත් ඥාණසාර හිමියෝ පැවසූහ.

මේ අතර නව ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු සහ එයින් රටට සහ ජාතියට වන හානිය සම්බන්ධයෙන් බොහෝ ජාතික ක්‍රියාකාරීන් අතර නිසි පරිදි වැටහීමක් තවමත් නොමැති බැවින් ඉදිරි දින කිහිපය ඇතුළත ඒ පිළිබදව විද්වතුන් කැදවා ජාතික සංවිධාන නිලධාරීන්, භික්ෂූන්වහන්සේ ඇතුළු ක්‍රියාකාරීන්ට මූලික අවබෝධයක් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත්, ඉන් පසුව දැනුවත් කිරීමේ ව්‍යාපාරය පුළුල් ලෙස ආරම්භ කරන බවත් ශාසනාරක්ෂක සභාවේ ප්‍රකාශකයෙකු අප සමග පවසා සිටියා.

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1264210690265622/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

colombotoday

“ඔක්ටේන් 95 සහ සුපිරි ඩීසල් මිල ගණන් ඉහළ දැමීම ආර්ථික අර්බුදයට පිළියමක් නොවේ”

colombotoday

කොවිඩ් සුව වූ ළමයින් ගොදුරු වන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගීන් ඉහළට

colombotoday

කටුනායක ගුවන්තොට හරහා කෙරෙන මහා මිනිස් ජාවාරමක් හෙළි කරගනී

colombotoday

අධිකරණ අපහාස නඩුව විභාගයට ගනිද්දී රන්ජන් රාමනායක උසස්පෙළ ලියන්න ගිහින්.

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday