Colombo Today Local News

බුද්ධාගමට අපහාස කළ අබ්දුල් රාසික් රක්ෂිත බන්ධනාගාරයට

abdul-rasikUPDATE : මාළිගාවත්ත පොලීසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් තව්හිද් ජමාත් නම් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් රෆ්දීන් නමැත්තා නොවැම්බර් 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබෙනවා.


අද පෙරවරුවේ මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තව්හිද් ජමාත් නම් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා කොළඹ අලුත්කඩේ අංක 4 දරණ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ අතර අද පෙරවරුවේ මාළිගාවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

බුදුන් වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක ඇප කොන්දේසි කඩ කරමින් පසුගියදා කොළඹ පැවති උද්ඝෝෂණයකදී බෞද්ධයන් කුපිත කරන ආකාරයේ ප්‍රකාශ කළැයි කරන ලද පැමිණිල්ලකට අනුව අබ්දුල් රාසික් නමැත්තා අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ඉරිදා සහ පෝයට උපකාරක පන්ති නැවැත්වීමට නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

colombotoday

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

යුතුකමේ මෙහෙවර ඵලදරයි.. ඇපමුදල් ගෙවා රණවිරුවන් ගෙදර යයි !

colombotoday