Colombo Today Local News

VPN එකෙන් ONLINE ඇවිත් නාමල්ගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්

සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාව කිසිසේත්ම තමන් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම වැනි ක්‍රියා අතිශයින් ම නිෂ්ඵල වන්නක් බවයි.

තමන් ද මේ වනවිට VPN ක්‍රමවේදය භාවිත කරමින් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි වෙත පිවිස පරිශීලනය කරන බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළ අතර
මෙවැනි ක්‍රියාමාර්ග ගනිමින්, තවදුරටත් අර්බුද ඇති නොකර, මීට වඩා ප්‍රගතිශීලී අයුරින් ක්‍රියා කිරීමට වගකිව යුතු බලධාරින් පියවර ගත යුතු බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාව තුළ භාවිත වන සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට පියවර ගෙන තිබුණා.

ශ්‍රී ලංකා තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසෙන මාර්ග සියල්ල තාවකාලිකව අක්‍රීය කළ බවයි.

Related posts

වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම නිසා විශේෂ සාකච්ඡාවක්

Admin

ජනපති ගැන අනාවැකි කියූ විජිත රෝහණ අත්අඩංගුවට ගනී

colombotoday

අපේ රටට අවශ්‍ය කල දුටු කල වල ඉහ ගන්නට මාන බලන කුහක මිනිසුන් නොවේ. | විජේදාස රාජපක්ෂට දේශප්‍රේමියෙකුන්ගෙන් පිළිතුරක්

colombotoday

ශීත කළ පොල් මද ආනයනයට අවසර

colombotoday

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

colombotoday