Colombo Today Local News

එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 90 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, එම ගිනිඅවියට යොදන උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සමඟ පුද්ගලයකු මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල්වත්ත ප්‍රදේශයදී පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

මෙහිදී අත්අඩංගුවට ගත් වයස අවුරුදු 48 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු, ගිනි අවිය, උණ්ඩ සහ කේරළ ගංජා වැඩිදුර විමර්ශන සඳහා මිද්දෙනිය පොලිස් ස්ථානය බාරදුන් බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ උපදෙස් පරිදි විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද උප කඳවුරේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්.එම්.කේ.එස්. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.

Related posts

විශ්වවිද්‍යාල කලා උපාධි පාඨමාලා රැසක් යාවත්කාලීන කිරීමේ තීරණයක්

Admin

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මහ මෝල් සහල් සැපයුම 40%ට බහී

Admin

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

Admin

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday