Colombo Today Local News

කොළඹ වරායට සේන්දු වූ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව යුද අභ්‍යාසයක

කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය.

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් මෙම නෞකාව පසුගියදා කොළඹ වරායට සේන්දු වූ අතර, කොළඹට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පැවති සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගි විය.

සැපයුම් අවශ්‍යතා සඳහා පැමිණී මෙම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කළේය.

එම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් මැතිව් සයික්ස් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා යන මහත්වරු අතර හමුවක් ද පැවැත්වුණී

Related posts

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

colombotoday

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

colombotoday

කොන්දොස්තර නැතුව අධිවේගයේ ලංගම බස් ධාවනය අද සිට

Admin

ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින අය අද සිට නිරෝදායනයට

colombotoday

මෛත්‍රීගෙන් පුරුදු වෙලා.. වැස්සක් එන බව පවසා හිටපු ජනපති මහින්දත් යන්න හදයි !

colombotoday