Colombo Today Local News

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද(25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

සජිත්ට විපක්ෂ නායකකම ඉල්ලා කථානායකට ලිපියක් !

colombotoday

ඇමති චම්පිකගේ වාහනයට යටවූ “සන්දීප්ගේ තත්ත්වය බරපතලයි” – ජාතික රෝහල් අධ්‍යක්ෂක

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin

කඩුගන්නාව ප්‍රා. රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Admin

මිලියන 80ක අබින් සහ කේරළ ගංජා පේදුරුතුඩවෙන් අල්ලයි

Admin

සල්ලි කොල්ලකන අපරාධ කල්ලියක් ගැන මහ බැංකුවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්

colombotoday