Covid 19Uncategorized

කොවිඩ් ආසාදනය වූ මාස 7ක ගැබිනි මවක් මිය යයි

වයස අවුරුදු 27ක් වූ හත්මස් ගැබිනි මවක් කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.

කළුතර නාගොඩ මහ රෝහලේදීයි ඇය මෙලෙස මියගොස් ඇත.

උතුරු කළුතර නිග්‍රෝධාරාම පාරේ පදිංචිව සිටි ඇයගේ මරණය පිළිබඳව ඇයගේ සැමියා විසින් කළුතර තොටමුණ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දී තිබේ.

” මියගොස් ඇත්තේ මගේ බිරියයි. අප විවාහ වී වසර තුනක් පමණ වෙනවා. බිරියට උණ හා ආහාර ගැනීමට අපහසුතාව තිබුණා. වෛද්‍යවරු කීප දෙනකුගෙන් ප්‍රතිකාර ලබා ගත්තා.

බිරියගේ අසනීප තත්ත්වය නිසා මා වෑන් රථයකින් ඇගේ මව සිටින බෝම්බුවල නිවෙසට ගෙන ගියා.

මා ගල්කිස්සේ මගේ ගෙදරට ගියා.

බිරියගේ සොයුරිය පසුව මට කතා කර බිරිය හුස්ම ගන්න අපහසුවෙන් සිටින බව කිව්වා.

ඉක්මනින් නාගොඩ රෝහලට ගෙනයන ලෙස මම කිව්වා.

මාද ඉක්මනින් බිරිය බැලීමට රෝහලට ආවා.

ඒ වන විට බිරිය දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළු කර තිබුණා.

මා බිරිය ගැන වෛද්‍යවරුන්ගෙන් විමසූ විට ඇය මියගිය බව කිව්වා.

මරණය ගැන සැකයක් නැහැ. කොරෝනා රෝගයෙන් මියගිය බව පිළිගන්නවා.”

මෙහිදී ඉදිරිපත් වූ සාක්ෂි හා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එස්. අත්තනායක මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මෙය කොරෝනා ආසාදිත වීමෙන් සිදුවූ මරණයක් බවට තහවුරු කර තිබේ.

Related posts

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්

colombotoday

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

colombotoday

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

colombotoday