Colombo Today Local News

ඒකාබද්ධයේ අයට අලුත් පක්ෂය තහනම්.. ගියොත් මන්ත්‍රීකමත් අහෝසියි !

Slupfa

ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටින කුමන තරාතිරමක අයෙකු වුවද නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කළහොත් ඒ මොහොතේම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යන බවද පවසා සිටියේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදෙන මේ මස 18 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පක්ෂය එළිදැක්වීමේ උත්සවයක් සංවිධානය කර නැතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය සමරා නොවැම්බර් 19 වැනිදා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසලදී ආගමික වතාවත්වල යෙදීමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.

Related posts

ඩයනාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

Admin

“අවුරුදු දෙක ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි“ – ඩිලාන්

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරය අදයි – නිලධාරීන් 467 ක් ඇතුළු 7,757කට උසස්වීම්

colombotoday

තොටළඟ ගින්න බලන්න ගිය මුජිබර් රහුමාන්ට ජනතා විරෝධය

colombotoday