ශ්රීපාද රක්ෂිත මායිමේ අරාබි සමාගමක් විසින් සිදුකරන ඉදිකිරීමට විරෝධය පලකරමින් “සිරිපා උරුමය“ රැකගැනීම වෙනුවෙන් ‘සිංහලේ ජාතික බලමුළු‘ මහනුවරින් ආරම්භ කළ පාගමන දින තුනකට පසු ඊයේ සවස නල්ලතන්නියට ලගා විය.
අදාල ඉදිකිරීම් මුළුමනින්ම නවත්වන බව බලධාරීන් ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරු සත්යග්රහයක් ඊයේ රාත්රියේ සිට ආරම්භ කළ බවත්, ඉල්ලීම් නොලැබුණහොත් මාරාන්තික උපවාසයක් අරඹන බවත් එම සංවිධානය පවසයි.
මේ අතර සිරිපා රක්ෂිතයේ සංවේදී පාරිසරික කළාපය විනාශ කරමින් සිදුවන එම ඉදිකිරීම නැවැත්වීම සදහා වහාම මැදිහත් වන්නැයි “සිංහලේ ජාතික බලමුළුව“ ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති අතර එසේ නොවුණහොත් ඉදිරියේදී ඇතිවන තත්තවයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ රජය වගකීම භාරගතයුතු බවද ඔවුන් දැඩිව අවධාරණය කරයි.
[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1118131534961340/” width=”500″ height=”400″ onlyvideo=”1″]
[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1118924174882076/” width=”500″ height=”400″ onlyvideo=”1″]