Colombo Today Local NewsHot NewsNew Constitution

පළාත්සභාවලට ස්වාධීන බලතල.. විසුරුවාහැරීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි

265926ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.

ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත මෙම කමිටුව ක්‍රියා කරයි.

මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

එම කමිටුව මගින් නිර්දේශ කර ඇති යෝජනා කිහිපයක්‌ මෙසේය.

  1. දහතුන් වැනි සංශෝධනය මගින් පළාත් සභා සඳහා ලබා තිබෙන ඉඩම් බලතල තවදුරටත් ශක්‌තිමත් කොට ඉඩම් කළමනාකරණය කිරීමේ බලතල සම්පූර්¨ණයෙන්ම පළාත් සභා සඳහා පැවරීම.
  2. පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම.
  3. දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම.
  4. මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම.
  5. ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීම. මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු අතර ඇතිවෙන බලය බෙදාහැරීමේ ඇමිණුමේ සඳහන් බලතල සම්බන්ධයෙන් ඇතිවෙන ගැටුම් විසඳීම සදහා තීන්දු ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මෙයින් අහෝසි වනු ඇත. ව්‍යවස්‌ථා අධිකරණය සඳහා සාමාජිකයන් පත් කරනුයේ ජාතිකත්ව නියෝජන පදනම යටතේය.
  6. පළාත් ආණ්‌ඩු සඳහා ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය ලබාදීම
  7. පළාත් රාජ්‍ය සේවය පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කරන අතර, දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ. මහ ඇමතිවරයා යටතට පළාත් රාජ්‍ය සේවා කොමිසම පැවරේ.
  8. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම.
  9. පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම සිදුකෙරේ. ඒ සඳහා ව්‍යවස්‌ථා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම.
  10. මහජන දේශපාලන අධිකාරිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලය මධ්‍යම, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් බල ව්‍යqහ තුනක්‌ අතර බෙදී යන පිළිගැනීම.
  11. පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.

මනෝඡ් අබයදීර
දිවයින

Related posts

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

දුම්රියට පැන සියදිවි හානි කර ගැනීමට උත්සහකල 14 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

Admin

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

ණය කියක් ගෙවන්න තියනවද කියලා හරියට තොරතුරුවත් නෑ – අගමැති රනිල්

colombotoday

වගා හානි වලට දෙන්න පුලුවන් උපරිම ගාන 40000යි

Admin

වතු කම්කරුවන්ට සහය දක්වා, යාපනේ, මඩකලපුවේ උද්ඝෝෂණ.. TNAත් සහයට එයි

colombotoday