Colombo Today Local NewsNew Constitution

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ලක්ෂ 62 ක ජනතාව ආණ්ඩුවට ජනවරමක් ලබා දී නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.

නැගෙනහිර පළාතේ පූජනීය ස්ථාන රැසක තොරතුරු සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශයවය දැනුවත් කිරීමට පැමිණි රාවණා බලය කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සහ සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මුණ ගැසීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

“මේ රටේ ඔය ව්‍යවස්ථාවට ඡන්දය දුන් පිරිසක් නැහැ. ඒ අය ඡන්දය දුන්නේ නොමිලේ ලැබෙන බයිසිකලයට, නැත්නම් පඩි වැඩි කිරීමට, ජීවන ප්‍රශ්නේ විසද ගන්න වගේම දූෂිත පුද්ගලයන් ඉවත් කිරීමට. ඕවනේ පරමාර්ථ වුණේ ඡන්දය දිපූ. ඉතින් ඔය ඔක්කෝම ඡන්දය දුන්නේ ව්‍යවස්ථාවකටයි කියන එක මිත්‍යාවක්. ඒකට ජනවරමක් ලැබුණේ නැහැ. තීරණාත්මක ව්‍යහය පිළිබඳව අපි පෙන්වා දීම් සිද්ධ කළා. ඒ පෙන්වාදීම් වලට නිසි ආකාරයේ ප්‍රතිචාර  දැක්වීමක් නොමැති බව අපිට පෙනුන නිසා තමයි නොදන්න යකාට වඩා දන්න යකා හොදයි කියන ප්‍රතිපත්තිය උඩ පවතින ව්‍යවස්ථාව හොදයි කියලා අපි කිව්වේ. අපි මේ පූර්ණව මේ ව්‍යවස්ථාව උඩ රැදි සිටින්නේ නැහැ. විහාර ගෙවල් වහන්න කිව්වට අපි වහන්නේ නැහැ. මිනිස්සු ශතවර්ෂ කාලයක් වැදුම් පිදුම් කරපු ස්ථාන දොරවල් වහන්න කිව්වට එහෙම බැහැ. මේක ආපහු බෙදලා දෙන්න ඕනය කියන කතාන්දරය සම්පූර්ණ බෞද්ධ විරෝධීදෙයක්. රජයකින් මේක පවරාගෙන බෙදා දීමේ කාර්යය කරනවානම් මේක කොල්ල කෑමක් විදියටයි දකින්නේ.”

Related posts

5000 හොර නෝට්ටුවක් සමග හමුදා සෙබළා අත්අඩංගුවට

Admin

මැතිවරණ වියදම් නියාමන පනත නීතිපතිට

Admin

ඤාණසාර හිමියන් සිරගතවූයේ පාලකයන්ගේ වරදින් – ඤාණසාර හිමියන් සිරගත කිරීම පිළිබද හෑගොඩ විපස්සි හිමියන් සිදුකල ප්‍රකාශය

colombotoday

මහ කන්නයේ හෙක්ටයාර 845,000ක වී වගාවට සැලසුම්

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday