Colombo Today Local News

රාජිත “ආවා“ කල්ලිය හමුදාවට පටලවයි.. ගෝඨාගෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරු

gt-rj33

උතුරු පළාතේ ක්‍රියත්මක වන “ආවා ගෘප්“ මැර කල්ලිය ඇති කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යැයි කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එම මැරකල්ලිය අද වන විටත් ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බවත්, එම කල්ලිය මෙහෙයවූ බ්‍රිගේඩියර්වයා තමන් හොදින් දන්නා බවද ඇමතිවරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබිණි.

ඇමතිවරුන් විසින් කරන මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අපහාස වන්නේ හමුදාවට බව පවසන ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමනට දේශපාලනිකව පහර දීමට මේ අකාරයේ ප‍්‍රකාශ කලවිට සමස්ත හමුදාවටම පහර වදින බවත් හමුදාව කිසිසේත්ම මේ ආකාරයේ දේවල් සිදු නොකල බවත් කියා ප්‍රකාශ කර සිටී.

Related posts

රාජපක්ෂලාට බැන්නා ඇති ! දැන්වත් රට හදමු ! – මුදල් ඇමති රවී

colombotoday

පොලිසියෙන් අත්අඩංගුවට ගත් ඌව මහ ඇමති ඇප මත මුදාහැරේ

colombotoday

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

අභ්‍යන්තර ආරක්ෂාව ගැන සීරුවෙන් සිටින්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

colombotoday

යාපනය බන්ධනාගාරයේ සිටි ඉන්දියානුවා පැනගිහින්

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin