Colombo Today Local News

රට,දැය,සමය වෙනුවෙන් කැප වූ මහ යතිවරුන් හදිසියේ අපවත් වන අබිරහස කුමක්ද?

ct 20156තමන් වහන්සේ ලෝකවාසී ජනතාවට වදාළ බුදු දහම මතු දවසක චිරාත් කාලයක්‌ චිරස්‌ථිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ බව බුදුන් වහන්සේ අනාගතය දෙස බලා කළ හෙළිදරව්ව වඩාත් සපථ කරන්නට ලක්‌ දෙරණෙහි උපත ලැබ පැවිදි දිවියට පත්ව බුද්ධ පුත්‍රයන් බවට පත්වූ භික්‍ෂුන් වහන්සේ අතිමහත් කැපවීමක්‌ සිදු කරති. එම කැපවීම නිසාම බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස්‌ පන්සියයකට අධික කාලයක්‌ ගත වුවද නිර්මල බුදු දහම තවමත් ශ්‍රී ලංකාවේ සුරක්‍ෂිතව පවතී.

මෙලෙස බුදු දහම සුරක්‍ෂිතව පවත්වා ගෙන එන්නට භික්‍ෂුන් වහන්සේ කළ කැපවීම දෙස බලන විට ඒ සඳහා ඇතැම් භික්‍ෂුන් වහන්සේ තමා සතු වූ සුවිශේෂී දක්‍ෂතා උපයෝගී කර ගත්හ.

මෙලෙස තමන් සතුව පැවැති සුවිශේෂී දක්‍ෂතා උපයෝගී කර ගෙන බුදුÊදහමේ සුරක්‍ෂිත බව වෙනුවෙන් පමණක්‌ නොව රට ජාතිය රැක ගැනීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා කටයුතු කළ භික්‍ෂුවක්‌ ලෙස අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ හැඳින්විය හැකිය. උන්වහන්සේ කෙතරම් ජනතාව අතරට සමීප වූවා දැයි කියා දැනගත හැකි වූයේ උන්වහන්සේ හදිසියේ අපවත් වු 2015.11.08 වැනිදා සිට ආදාහනය සිදුකළ 2015.11.12 වැනිදා දක්‌වා අවසන් ගෞරව දක්‌වන්නට පැමිණි මහා ජනගංගාව දුටු විටදී ය.

මීට පෙර අපට මෙවන් වූ ජන ගංගාවක්‌ දැක ගත හැකි වූයේ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූ 2003 දෙසැම්බර් 12 වැනිදා සිට ආදාහනය සිදුකළ 2003 දෙසැම්බර් 24 වැනිදා දක්‌වා වු කාලය තුළදී ය.

මෙලෙස භික්‍ෂුන් වහන්සේ නමක්‌ අපවත් වූ විට බාල, තරුණ මහලු කොයි කවුරුත් අතිශය කම්පාවට පත්වෙමින් ආගම් භේදයකින් තොරව පෙළ ගැසුණු තවත් එක්‌ අවස්‌ථාවක්‌ වූයේ 1986 මැයි මස 29 වැනිදා අපවත් වූ පානදුර අරියධම්ම ස්‌වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙනි.

මෙම භික්‍ෂුන් වහන්සේ තිදෙනාම බුදුÊදහම ජනතාව අතර සමීප කරවීමට සුවිශේෂී මෙහෙවරක යෙදුනහ.

පානදුර අරියධම්ම ස්‌වාමීන් වහන්සේ එතෙක්‌ පැවැති බෝධි පූජා වන්දනාවට නැවුම් බවක්‌ එක්‌ කරමින් බෝධිපූජා වන්දනා ගාථා අතරට බෝධි පූජා වන්දනා කවි නිර්මාණය කර ගායනා කළහ.

අරියධම්ම හිමියෝ සිය ජීවිතයේ වයස අවුරුදු 46 වැනි වියේදී හදිසියේ අපවත් වූහ.

අපවත්වීම සිදුවන විට උන්වහන්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියහ. මෙලෙස අතිශය ජනප්‍රියත්වයට පත් හිමිනමක්‌ හදිසියේ අපවත්වීම පිළිබඳව බොහෝ දෙනාගේ සංවේගයට මෙන්ම සැකයට ද බඳුන් විය. අරියධම්ම හිමියන්ට වස දුන්නා යෑයි එදවස මහත් ආන්දෝලනයක්‌ පැවතුණි. නමුත් එහි සත්‍ය බව සැබෑවටම ඔප්පු කර ගත නොහැකි විය. එනිසා උන්වහන්සේගේ අපවත්වීමට හේතු වූයේ කිසියම් කුමන්ත්‍රණයක්‌ දැයි කියා අනාවරණය නොවූ රහසක්‌ බවට පත්විය.

ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම ද සිදු වූයේ හදිසියේමය. අපවත්වන විට උන්වහන්සේ 56 වැනි වියේ පසු වූහ. රුසියාවේ ලෙනින් ග්‍රෑන්ඩ් හි සංචාරයක නිරතව සිටියදී සෝම හිමියෝ අපවත් වූහ.

ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතිය සහ බෞද්ධාගම රැක ගැනීම වෙනුවෙන් නොබියව සටන් කළහ. ඒ සඳහා උන්වහන්සේගේ චතුර කථිකත්වය කදිම ආයුධයක්‌ විය.

මෙවන් පසුබිමක කටයුතු කරද්දී සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක්‌ යෑයි උන්වහන්සේට සමීපව සිටි දායක දායිකාවෝ පවසන්නට වූහ. එනිසාම සෝම හිමියන්ගේ දේහය රුසියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ පසු පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ ද පැවැත්වීය. එය පැවැත්වූ වෝහාරික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නිරිඇල්ලේ චJද්‍රසිරි මහතා පැවසුවේ මරණය පිළිබඳ සැකයක්‌ නොමැති බවය. නමුත් ඉන් සෑහීමකට පත් නොවු දායක දායිකාවෝ මේ සම්බන්ධව රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව විශේෂ ජනාධිපති කොමිසමක්‌ පත් කරන ලදී. එහි තීන්දුව බෙදුනු තීන්දුවක්‌ විය. ජනාධිපති කොමිසම නියෝජනය කළ එක්‌ පිරිසක්‌ මෙය ස්‌වාභාවික මරණයක්‌ බවටත්, තවත් පිරිසක්‌ මෙය සැක සහිත මරණයක්‌ බවටත් තීන්දු ලබා දුන්හ.

මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව ද මේ වන විට ඒ අයුරින්ම මත පළ වන්නට පටන් ගෙන ඇත.

මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා පවසන්නේ සෝභිත හිමියන්ගේ අපවත්වීමට අදාළව බලපෑ නියුමෝනියාවට හේතුව රෝහල්ගතව සිටියදී උන්වහන්සේට නිසි සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා මතු වූවක්‌ බවය.

සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසන්නේ තමුනට හැකි උපරිම අයුරින් උන්වහන්සේට නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ බවය.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව චෝදනා කරනුයේ හදවත් සැත්කමින් පසු උන්වහන්සේ නේවාසිකව වැඩ විසූ පුද්ගලික රෝහලක්‌ සම්බන්ධවය. උන්වහන්සේ එහි වැඩම කරවීම පසුපස කුමන්ත්‍රණයක්‌ ඇති බවට ඔවුහු චෝදනා කරති.

මෙලෙස ජනප්‍රිය භික්‍ෂු චරිත හදිසියේ ම අපවත් වූ විට ඒ සම්බන්ධව සැක සංකා මතු කිරීම තුළින්a පැහැදිලි වන්නේ බෞද්ධාගම රැක ගැනීම වෙනුවෙන් ජනතාව අතරට සමීප වන භික්‍ෂුන් වහන්සේලාට එරෙහිව කිසියම් කුමන්ත්‍රණයක්‌ දියත්ව ඇති බවකි.

නමුත් මෙම කුමන්ත්‍රණවලට එරෙහිව නැඟී සිටින්නේ ඉතා කෙටි කාලයක්‌ සඳහා පමණි. එනිසා එම කුමන්ත්‍රණ තවම හෙළි නොවූ අබිරහස්‌ බවට පත්ව ඇත.

එසේ නොවුණා නම් 1986 වසරේදී හදිසියේ අපවත් වූ පානදුර අරියධම්ම හිමියන් අපවත් කිරීමට හේතු වූ බව කියන කුමන්ත්‍රණය හෙළිකර ගැනීමට තිබිණි.

එසේ වූවා නම් ගංගොඩවිල සෝම හිමියන්ගේ දිවි රැක ගැනීමට හැකියාව තිබුණි. නමුත් එය එසේ නොවුණි. එනිසා සෝභිත හිමියන්ගේ ජීවිතයට ද එම කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම එල්ල වී ඇති බව වර්තමානයේ උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව පළවන මත අනුව සිතිය යුතුව ඇත.

මෙම කුමන්ත්‍රණකරුවන්ගේ මීළඟ ගොදුර බවට පත්වන්නේ කවර භික්‍ෂූන් වහන්සේද? ඒ ගැන පැවසීමට එම භික්‍ෂූන් වහන්සේ ද හදිසියේ අපවත්වීම වනතුරු අප බලා සිටිය යුතුද?

ජනප්‍රිය භික්‍ෂුන් වහන්සේ නමක්‌ හදිසියේ අපවත් වූ විට උන්වහන්සේගේ අපවත්වීමට කවරහු වගකිවයුතු දැයි කියා චෝදනා එල්ල කරමින් වර්තමානයේ මාධ්‍ය හරහා ජනප්‍රියත්වයක්‌ අපේක්‍ෂා කරන පිරිසක්‌ බිහි වී ඇත. එනිසා අප වඩාත් පරෙස්‌සම් විය යුත්තේ ඔවුන්ගෙනි. ඔවුනට අවශ්‍ය බුද්ධ ශාසනය රැක ගැනීමවත් රට ජාතිය ආරක්‍ෂා කිරීමවත් මහා සංඝරත්නය රැක ගැනීමවත් නොවේ. කුමන මොහොතක හෝ තම පටු අරමුණු ඉටුකර ගැනීමය. එනම් පහත් ජනප්‍රියත්වයක්‌ ලබා ගැනීමය. එනිසා ඔවුනගේ මීළඟ ඉලක්‌කය සපුරා ගැනීම වළකාලීමට නම් අප සියලු දෙනා කළ යුත්තේ සෝභිත හිමියන්ගේ අපවත්වීමට බලපෑ සැබෑ හේතුව උන්වහන්සේගේ අපවත්වීම දක්‌වා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර ලොවට හෙළි කිරීමය. එසේ නොමැතිව මාධ්‍ය හරහා චෝදනා එල්ල කරමින් පහත් ජනප්‍රියත්වයක්‌ ලබා ගැනීම නොවන බව සිහිපත් කළ යුතුය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පිළිබඳව චෝදනා නඟන ඇතැම් දෙනා උන්වහන්සේ ජීවත්ව සිටියදී වචනයෙන් හෝ දුක සැප නොබැලුවෝය.

මෙම කුමන්ත්‍රණකරුවන් නිසා සිදුවන්නේ අප රටේ වෛද්‍ය වෘත්තිය කෙරෙහි ජනතාව අතර සැකයක්‌ මතුවීමය.

අවංකවම සිය වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිත් කලකිරීමට පත්වීමය.

එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මින් ඉදිරියට ජනප්‍රිය භික්‍ෂුවකට හෝ පුද්ගලයකුට හදිසි රෝගාබාධයකදී දේශීය රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු බියවීමයි. ඒ නිසා ඔවුනට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇතැම් විට එය කුමන්ත්‍රණකරුවන්ගේ එක්‌ අරමුණක්‌ විය හැකිය.

උපාලි ද සේරම්

Related posts

“මා නිර්දෝෂයි” විශේෂ ප්‍රකාශයක් කරමින් රවී ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි (Video)

colombotoday

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2781ක් දක්වා ඉහලට

colombotoday

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday

කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා බදුර්දීන්ගේ මූනටම කියයි

colombotoday

පාකිස්තාන සරණාගතයන් ඉවත් කරැන්නැයි ඉල්ලා අම්බලන්තොට හර්තාල්…

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday