Colombo Today Local News

 පොහොට්‌ටුව අම්මෙක්‌ තාත්තෙක්‌ නැති අවජාතක පක්‌ෂයක්‌ – පා. ම. ආනන්ද අලුත්ගමගේ

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය යනු මේ රටේ ගාම්භීර පක්‌ෂ දෙකක්‌ බවත් අනෙක්‌ පක්‌ෂවලටද මේ රටේ පිළිගැනීමක්‌ ඇතිමුත් අම්මෙක්‌, තාත්තෙක්‌ නැති පොහොට්‌ටු පක්‌ෂය අවජාතක පක්‌ෂයක්‌ යෑයි මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

නාවලපිටිය ආසනයේ ගඟ ඉහළ කෝරළේ එ. ජා. ප. මැතිවරණ කටයුතු අරඹමින් කුරුඳුවත්ත නගරයේ පැවැති රැස්‌වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්‌ථාව සඳහා මෙහි කොට්‌ඨාස 13 න් අපේක්‌ෂකයන්ද එකම වේදිකාවට රැස්‌ වූ අතර එහිදී ඡන්ද දායකයන් තම තමන්ගේ අපේක්‌ෂකයන් පිළිගැනීම විවිධ අයුරින් සිදු වන අයුරුද දක්‌නට ලැබුණි.

ඒ අනුව කුරුඳුවත්ත, පැල්ලපිටිය අපේක්‌ෂක අනුරුද්ධ රත්නායක හා පිටකන්ද අපේක්‌ෂක වසන්ත ජයසිංහ මහත්වරුන්ගේ පුංචි අම්මා විසින් පැරණි සිරිතට අනුව කෑවුම්වලින් අතපය තවා ආශීර්වාද කරමින් පිළිගැනීම කාගෙත් අවධානයට ලක්‌ විය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ආනන්ද අලුත්ගමගේ මහතා මෙසේද කීවේය.

මේ පොහොට්‌ටු පක්‌ෂයේ නායකයාවත් ඒකේ සාමාජිකත්වය අරගෙන නෑ. මේ ආසනයේ මහින්දානන්ද ශ්‍රී ල. නි. පක්‌ෂයෙන් අයින් කළා. එයා පොහොට්‌ටු පක්‌ෂයේ ඉන්නේ. එයාවත් මේකේ සාමාජික නෑ. මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‌ෂ ඉස්‌සරහ තියාගෙන කීවා මේ අවජාතක පක්‌ෂ හදලා ජනතාව අමාරුවේ දාන්න එපා කියලා.

Related posts

බස් ගාස්තු 30% කින් ඉහළට

colombotoday

“යහපාලනයට“ අදට තුන් වසරයි.. ජනපති මෛත්‍රීට ඉතිරිව ඇත්තේ තව එක ජනවාරි 8ක් පමණයි

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

colombotoday

පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday