Colombo Today Local News

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත.

ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව දැනුම්දුන්නේය.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවයි.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම්

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමට සහතික මිලක්

colombotoday

චීන රජයේ සහය අඛණ්ඩව ශ්‍රී ලංකාවට

Admin

ලක්ෂ 35ට වැඩි වාහන වලට ‘සුඛෝපභෝගී වාහන බදු’ නමින් අලුත් බද්දක්..!

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin