Colombo Today Local News

කීරි සම්බා කිලෝ 50,000ක් ආනයනයට අනුමැතිය

ලබන 21 වැනි දාට පෙර කීරි සම්බා මෙට්ට්‍රික් ටොන් 50,000ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කරන්නේ, එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය අසීරු බවය.

එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බව ඔහු පැවසීය.

නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක් රුපියල් 235 ක මිලකට අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර අද (02)දින හෝ හෙට (03)දින කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

කීරි සම්බා කිලෝග්‍රෑම් 50,000 ක් මේ වනවිට ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි.

Related posts

බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් කළා – මන්ත්‍රී කාන්චන විජේසේකර

colombotoday

කොළඹ වරායට අදානි පැමිණීම අතිශය වැදගත්

Admin

ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි

colombotoday

විවිධ පැමිණිලි පොතේ පිටු පිළිස්සූ සැරයන්වරයකුගේ වැඩ තහනම්

Admin

නැගෙනහිර ජැටිය : යෝජනා අද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට

colombotoday

වැලිමඩ නගරයේ විරෝධතා – දැඩි රථ වාහන තදබදයක්

colombotoday