Colombo Today Local News

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ අද (24) දිනයේ ඉතිහාසගත වාර්තාවකට හිමිකම් තබා තිබේ.

ඒ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව ඉක්මවා යමිනි.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68 ක් ලෙසින් වාර්තා වුණි.

එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 119.45 ක ඉහළ යාමකි.

මේ අතර නත්තල් දිනය හෙට (25)දින ට යෙදී ඇති බැවින් අද දින අතිරේක දින භාගයක නිවාඩුවක් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එබැවින් අද දින ගනුදෙනු සැසිය පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා මිනිත්තු 90 ක කාලයකට පමණක් සීමාවිය.

රු. බිලියන 2.84 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුණි.

Related posts

සජිත් හම්බන්තොට අතහැර කොළඹින් මැතිවරණයට….

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

රනිල් මාධ්‍යට තර්ජනය කළේ නෑ… මාධ්‍ය නිදහස දැන් උපරිමයි – චම්පික

colombotoday

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

colombotoday

සමාජ මාධ්‍ය හරහා ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කරන්න එපා – පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි

colombotoday