Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

රන්ජන්, මහින්දාන්නද පාර්ලිමේන්තුවේදී ගුටි ඇණ ගනී.. රන්ජන්ගේ බොරු කොණ්ඩය ගැලවී විසිවෙයි

colombotoday

ගුරුවරිය දණ ගැස්සූ නඩුවෙන් පා. මන්ත්‍රී චාමර සම්පත් නිදහස්

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි – දර්ශනය ඇත්තේ රනිල් වික්‍රමසිංහටයි

colombotoday

පනින්න පෙර ෆවුසිගෙන් ජනාධිපතිට ප්‍රශ්න 3ක්

colombotoday

“ඒකාබද්ධ විරෝධය අන්තිම අසාර්ථකයි: මේ පුස්වෙඩිල්ල නිසා රාජපක්ෂ කල්ලිය විහිළුවක් වුණා ” – සාගල රත්නායක

colombotoday