Colombo Today Local News

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,140ක් පොලිස් භාරයට ගෙන තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරු මෝදර පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.

27 හැවිරිදි සැකකරු වෑබඩ ගනේපොළ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මාළිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ පැවැතවයි.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

ජුලි 09 වනදා ජනපති නිවසට ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ලක් අම්මා රත්නපුරයට

Admin