ජනවාරි මස 24 වැනි දින 9 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය අවසන් කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඒ අනුව, 9 වැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සභා වාරය පෙබරවාරි මස 7වැනි දා ආරම්භ කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමට අදාළ ගැසට් පත්රය ජනාධිපතිතුමා ඉදිරියේදී නිකුත් කරනු ඇති බව ද කතානායකරවාය සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීමත් සමග කෝපා, කෝප් ඇතුළු පාර්ලිමේන්තු කමිටුවල වලංගුභාවය ද අවසන් වනු ඇති.
පාර්ලිමේන්තු සභාවාරය යළි ඇරඹීමෙන් පසු අදාළ කමිටු අලුතින් පත්කිරීමට නියමිතව තිබේ.