අඹගස් දෝව සපුගල්ල ප්රදේශයේදී ලොරියක පටවා තිබූ දැව කඳන් ඇඟට පෙරළී බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඹගස් දෝව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු හතලිස් හයක් වූ වැලිමඩ ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
දැව කඳන් පැටවූ ලොරිය කානුවකට වැටීම හේතුවෙන් ලොරිය නැවත මාර්ගයට ගැනීම සඳහා දැව කඳන් ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරු සිදුවී තිබේ.