Colombo Today Local News

කළුතර හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද(1) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්කර ඇති අතර, කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය පවසයි.

පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකුව නංවාගෙන මෝටර් රථයෙන් මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.

මෝටර් රථය දුම්රියේ ගැටී විසිවී ඇති අතර මෝටර් රථයට හානි සිදුව තිබේ.

කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

මැතිවරණය එපා. මෛත්‍රී ගුණරත්නගේ පුතාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

රුපියල බාල්දු වීම නිසා විදෙස් ණය බිලියන 800කින් ඉහළට…

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

Admin

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

නාමල් විතරක් මදි.. ඔහුගේ මව ශිරන්තිත් සිරගත කළ යුතුයි – පුරවැසි බලය

colombotoday