Covid 19

වටවල ඇඟලුම් කම්හලකිනුත් කොවිඩ් ආසාදිතයින් දස දෙනෙක් හමුවේ

හැටන් වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් දස දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පාලනය අධිකාරිය පියවර ගෙන ඇත.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. කාමදේවන් මහතා පැවසුවේ ඊයේ ( 23) දින ලැබුණු PCR වාර්තා අනුව එම ආසාදිතයින් හඳුනාගත් බවය.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉකුත් 14 වනදා කොවිඩ් – 19 වෛරස අසාදනය වූ සේවකයෙකු හමු වී තිබුණි.

ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් බවට හඳුනාගත් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදුකර තිබුණි.

එම වාර්තා ප්‍රතිඵල අනුව සේවකයින් 4 දෙනෙකු සහ සේවිකාවන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

කොවිඩ් -19 වෛරසය අසාදනය වූ සේවකයින් දස දෙනාගෙන් සේවිකාවන් පස් දෙනෙකුම වටවල මවුන්ජින් වතුයායේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

සමීප ආශ්‍රිතයින් බවට හඳුනාගත් සේවක සේවිකාවන් 60 දෙනාගේ පවුල්වල සමාජිකයන් 200 දෙනෙකු ද එහිදී ස්වයං නිරෝධානයට යොමු තිබේ.

Related posts

කොරෝනා යැයි සැක අටළුගම 20 ක් බණ්ඩාරගම නිරෝධායන මධ්‍යස්ථානයකට

colombotoday

තවත් තහවුරු කළ කොවිඩ් මරණ 94ක් | සමස්ත මරණ සංඛ්‍යාව 5,200 ඉක්මවයි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදයේ තවත් විකෘතියක් මෙරටින් සොයාගනී.

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට කොරෝනා.

colombotoday

පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සැකකරුවන් 16කට කොරෝනා

colombotoday