Colombo Today Local News

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට අවශ්‍ය තීරණ කිහිපයක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගෙන ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝ ග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන තිබේ.

එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක් හා දළ බර කිලෝග්‍රෑම් 1,000ක් නොඉක්ම විය යුතු වේ.

ඒ අනුව, විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන් ඉවත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා පසුගිය වසරේ අගෝස්තු 08 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

එම අනුමැතිය පරිදි අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

කතෝලිකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධනම් ඔවුන් කතෝලික සභාවෙන් ඉවත් කළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල් තුමන් පවසයි

colombotoday

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday