Colombo Today Local News

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගැනීම විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේ දී ඡන්ද 6,853,690ක් ලබාගැනීමට සමත් වුණි.

ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකරගත් අතර එහිදි මන්ත්‍රී ආසන 128ක් ලබාගත්තේය.

ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17කි.

සමගි ජනබලවේගය පක්ෂය ඡන්ද 2,771,980ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 23.9ක් වේ.

ඔවුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 07ත් සමග සමස්ත මන්ත්‍රී ආසන 54ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය මැතිවරණ කොට්ඨාශ 10ක් ජයග්‍රහණය කළේය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඡන්ද 327,168ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 10ක් හිමිකර ගැනීමට සමත් වුණි.

ජාතික ජන බලවේගය පක්ෂය ඡන්ද 445,958ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 3.84ක් වේ.

ඔවුන් කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ද සමග ඔවුන් ලබාගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03කි.

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය ඊපිඩිපි පක්ෂය මෙවර මැතිවරණයේ දී මන්ත්‍රී ධුර දෙක බැගින් දිනාගත්තේය.

එක්සත් ජාතික පක්ෂයට මෙවර දිවයිනෙන්ම ලබාගත හැකි වුයේ ඡන්ද 249,435ක් පමණයි.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.15ක් වන අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පමණක් හිමිවේ.

අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත් වුණි.

තමිල් මක්කල් විඩුතලෙයි පුලිගල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, ටි.එම්.ටි.කේ.පක්ෂය, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක් මන්ත්‍රී ධුරය බැගින් දිනාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන දෙකක් හිමිවුණි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 06ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 06කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් දිනාගැනීමේ දී සමගි ජන බලවේගයට හිමි වුයේ එක් මන්ත්‍රී ආසනයක් පමණයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 06ක් හිමි වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආසන 04ක්, දිනාගත් අතර සමගි ජන බලවේගය එක් ආසනයක් දිනා ගැනීමට සමත් වුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 07කි.

සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 04ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11කි.

එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රී ආසන 04ක් පමණයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 07ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 02ක් දිනාගත්තේය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත්තේය.

සමගි ජන බලවේගය පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් දිනාගත් ආසන සංඛ්‍යාව 02කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 4ක් ලබා ගැනීමට සමත් වුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 08ක් දිනාගත් අතර සමගි ජන බලවේගය ආසන 03ක් දිනාගැනිමට සමත් වුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී ආසන 5න් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණි.

සෙසු මන්ත්‍රී ධුරය දිනාගත්තේ සමගි ජන බලවේගය පක්ෂය යි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 12ක් හිමිකර ගෙන තිබේ.

සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ආසන 06ක් ද ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් ද හිමිවුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 13ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 03ක් සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනීමට සමත් වුණි.

සමගි ජන බලවේගය ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රී ආසන 02 බැගින් ද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද දිනාගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ටි.එම්.වි.පි, ටි.එම්.ටි.කේ., ඒ.සි.එම්.සි, එම්.එම්.ඒ සහ එන්.සි යන දේශපාලන පක්ෂ ද එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනිමට සමත් වුණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අසුන් බෙදී ගිය ආකාරය පහතින් දැක්වේ.

Related posts

වනාතවිල්ලූවේ ගොඩනගන් නට ගිය වහාබ් මිටියාවත, ඉස්ලාම් මූලධර්මවාදය රහසින් කි‍්‍රයාත්මකයි…!

colombotoday

(Video)නැගෙනහිර මහ ඇමති, ආණ්ඩුකාරයා ඉදිරිපිටම හමුදා නිලධාරියෙකුට පහත් ලෙස බැණවදී

colombotoday

මිට කලිනුත් එක් අයෙක් හප්පා මරලා.. අනතුරට ලක්වූ රථයේ තිබී කඩුවක්, මුගුරක් හමුවෙයි.. ඇමති පුතා ආගිය අතක් නෑ

colombotoday

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

colombotoday

ඡන්දයට එරෙහි පෙත්සම් විභාගයට විනිසුරු ප්‍රසන්න ජයවර්ධනත්. ඔහුගේ දියණිය රනිල්ගේ සේවිකාවක්

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday