පවතින වැසි තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා සඳහන් කරන්නේ, තව දින කිහිපයක් වර්ෂාව ලැබීමට නියමිත බවය.
නිවාස අවට පස් කණ්ඩි කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි දෑ සිදුවිය හැකි බැවින් ජනතාවට සැලකිලිමත්වන ලෙස ද ඒ මහතා ජනාතාවගෙන් ඉල්ලා සිටි.