Colombo Today Local News

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවයි.

වියළි කාලගුණයත් සමග පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පැවතියේ ය.

මේ අතර, සමනල වැව ජලාශයේ ජල කාන්දුවීම් වසා දැමීම සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකරමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඒ පිළිබඳව පර්යේෂණ කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සමනළ වැව ජලාශයේ ජලය කාන්දු වන ස්ථාන 6ක් මේ වනවිට හඳුනා ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

හොරණ තිබ්බොටුගොඩ බැංකුවක් කඩයි

colombotoday

අවිශ්ක-නුවන්-දිල්හාර චෝදනා ලැබූ සිද්ධියට අදාළ ලියකියවිලි භාර දෙයි

colombotoday

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

විදුලියට එරෙහිව මානව හිමිකම් පෙත්සම් ගසයි!

Admin

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන්කළ මුදල මදි

colombotoday