දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට යෝජනා වී තිබේ.
ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
සමාජයේ සිටින ආබාධ සහිත දරුවන් ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදියෙහි යහපැවැත්ම සඳහා කටයුතු කරන සහ ඒ වෙනුවෙන් පිහිටුවා ඇති නීත්‍යනුකූල ආයතන සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි ආකාරයට දේශීය ආදායම් පනත සශෝධනය කිරීමට මෙමඟින් යෝජනා වී ඇති බව සඳහන් වේ.