Colombo Today Local News

උණ්ඩු තොගයක් සමඟ පාතාල ගෝලයෝ දෙන්නෙක් අල්ලයි

විදේශ රටක සැඟව මෙරට පාතාල මෙහෙයවන පැට්ටා මංජු නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මිලිමිටර් 9 වර්ගයේ උණ්ඩ 250ක්, සමග ජාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජාඇල පොලිස් ස්ථානය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ගමන් බෑගයක උණ්ඩ 250ක් සහිත උණ්ඩ ඇසුරුම් පෙට්ටි 5ක් අයිස් මත්දුව්‍ය ග්‍රෑම් 112ක්, විද්‍යුත් තරාදියක්, එකම ඡායාරූප යෙදු ජාතික හැදුනුම්පත් 3ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ මුදා 15ක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව සහ ගනේමුල්ල ප්‍රදේශවල පදිංචි කරුවන් වන අතර වයස අවුරුදු 31ක් පුද්ගලයන් ය.

සැකකරුවන් හා නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

Related posts

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

මත්පැන්-දුම්වැටි භාවිතා නොකරනවන්නම් කොවිඩ් එන්නත ලබා දෙන්න

colombotoday

ඩොලර් බේරා ගන්න, ඉන්ධන සහනාධාරය ලබා දීමට නොහැකි බව කබ්රාල් කියයි

colombotoday