Colombo Today Local News

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පැතිරයන කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ColomboToday වෙත වාර්තා වෙනවා.

එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරන්නේ මෙවැනි කටකතාවක් පැතිරවීමට අනුබල දී ඇත්තේ සිංහල බෞද්ධ ජාතික වයාපාරයේ කරමතින් යහපාලන ආණ්ඩුවට ගොඩවී ඇමති වරප්‍රසාද භුක්තිවිදින එක්තරා ඇමතිවරයෙක් බවයි.

රජයේ මංගල අයවැය පිළිබදව එල්ලවෙමින් පවතින විරෝධතා සහ ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් නැග එන ජනතා විරෝධතාවයේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, රටේ අනාගත නායකත්වයට ඇස ගසාගෙන සිටින අදාල ඇමතිවරයාගේ ඉදිරි ගමනට හිටපු ආරක්ෂක ලේකම්වරයා බාධාවක් වියහැකි යැයි පවතින අනුමානයත් හේතුවෙන් මෙවැනි මතයක් සමාජගත කිරීමට උත්සහා කරන බව දේශපාලන විශ්ලේෂකයන් සදහන් කර සිටිනවා.

ඇවන්ගාඩ් සිදුවීමට අදාලව කිසිදු නීතිවිරෝධී කටයුත්තක් ‍සිදුවී නොමැති බැවින් ඊට එරෙහිව කටයුතු කිරීම සදහා නීතිමය ප්‍රතිපාදන නැතැයි රජයේ හිටපු නීතිපතිවරයා මෙන්ම වත්මන් රජයේ හිටපු අමාත්‍යවරයෙකුද වූ තිලක් මාරපන මහතාත්, ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන ජනාධිපති නීතීඥ විජදාස රාජාපක්ෂ මහතාද තහවුරු කිරීමෙන් පසු ඇවන්ගාඩ් සිද්ධිය පිළිබදව එක්සත් ජාතික පක්ෂ නායකයාගේ අනුදැනුම මතම එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා නිහඩ පිළිවෙතක් අනුගමනය කරන පසුබිමක උක්ත කී ඇමතිවරයාත් තමන්ගේ පක්ෂයවත් මොකක්දැයි නොදන්නා තවත් ප්‍රබල ඇමතිවරු දෙතුන්පළකුත් අදාල සිද්ධීය හරහා කුමන හෝ පොටක් පාදා ගනිමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කොටු කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග තවදුරටත් සදහන් කරන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය ආඥාපනත යටතේ ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අපරාධයක් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකිදැයි යන්න සොයාබලා උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් නීතිපතිවරයාගෙන් මේ වන විට ඉල්ලීමක් කර ඇත. ඒ තුළද නීතිමය වශයෙන් අදාල පාර්ශව වලට හිටපු ආරක්ෂක ලේකම්වරයා කොටු කර ගැනීම සදහා ප්‍රමාණවත් සාධක නොමැති බවද තතුදත් ආරංචි මාර්ග පවසනවා.

එබැවින් ඇවන්ගාඩ් සිදුවීම මුල්කරගෙන කෙසේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ අපේක්ෂාවෙන් සිටි උක්ත පුද්ගලයන්ගේ සිහනය බොදවෙමින් පවතින බැවින් නීතියෙන් බැරිනම්, වංචාකාරයකු සොරකු ලෙස සමාජ මතයක් ගොඩනගමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රතිරූපය විනාශ කර ඉදිරි ගමන්මග අවහිර කර තමන්ගේ අභිප්‍රායන් ඉටුකරගැනීමට අදාල ඇමති දෙතුන්කට්ටුව උත්සහා දරමින් සිටින බවයි දේශාපලන විශ්ලේෂකයන් තව දුරටත් සදහන් කරන්නේ.

Related posts

“සුද­ර්ශනී පැණිය” දේශීය ඖෂධ නිෂ්පා­ද­න­යක් | රාජ්‍ය ඇමැති චන්න ජය­සු­මන

colombotoday

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday

මුදලට ගංජා ප්‍රවාහනය කල සිවිල් ආරක්ෂකයා මාට්ටු

colombotoday

රාජිත සේනාරත්න හැංගිලා

colombotoday

ජනපති ඝාතනයට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයා රදවාගෙන ප්‍රශ්න කෙරේ !

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin