
මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ නියමය අනුව, මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණූම් භාවිත කිරීම වැළැක්වීම ඇතුළු කාරණා කිහිපයක් එහි සඳහන් ය.
ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පංච පුද්ගල කොමිෂන් සභාවක් යෝජිතව ඇති අතර එහි සාමාජිකයෙකුගේ ධුර කාලය වසර තුනකි.
කොමිසමේ සාමජිකයින් තොරතරු තාක්ෂණය, නීතිය, පාලනය,සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව සහ තාක්ෂණවේදය හෝ කළමනාකරණය යන කේෂ්ත්‍රවල සුදුසුකම් හා පළපුරුද්දක් සහිත පුද්ගලයින් විය යුතුයි.
යම් තහනම් ප්‍රකාශයක් මගින් අහිතකර බලපෑමකට ලක්ව ඇති පුද්ගලයින්ට ඊට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස නියම කිරීම, තහනම් ප්‍රකාශයක් වෙත පරීශිලකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව අක්‍රීය කරන ලෙස හෝ එම ප්‍රකාශය ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නට හෝ අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම, අධිකරණයට අපහාස විය හැකි හෝ අධිකරණයේ බලය අපක්ෂපාතී ලෙස පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි සන්නිවේදනයන් පිළිබඳ සලකා බැලීම සඳහා උචිත අධිකරණයක් වෙත යොමු කිරීම, ඇතුළු කරුණු කොමිෂන් සභාවේ බලතල තුළට ඇතුළත් ය.
මෙම කොමිෂන් සභාවට විරුද්ධව කිසිදු සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකියි.
අන්තර්ජාලය හරහා සිදුකරන ක්‍රියාකාරකම් රැසක් වැරදි වශයෙන් මෙම පනත් කෙටුම්පතින් අර්ථ නිරූපනය කර තිබේ.
- ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
*අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
- අසත්‍ය ප්‍රකාශ මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
- අසත්‍ය ප්‍රකාශ මගින් ආගමික් රැස්වීමකට බාධා කිරීම
- ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
- ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
- වංචා කිරීම
- අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
- සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතනාන්විතවම නින්දා කිරීම
- කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
- හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
- ළමා අපයෝජන
- වරදක් සිදු කිරීම සඳහා බොට් සෑදීම හෝ වෙනස් කිරීම
- තහනම් ප්‍රකාශ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට තොරතුරු සැපයීම
මෙම පනත යටතේ වරදක් සිදු කර ඇති තැනැත්තෙකුට බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට යටත් කිරීම සහ එම දඩුවම් දෙකටම යටත් කරනු ලැබිය හැකි බව ද සඳහන් ය.
එසේම පුද්ගල මණ්ඩලයක් විසින් වරද සිදු කරනු ලබන අවස්ථාවක එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සෑම අධ්‍යක්ෂවරයෙකුම හවුල්කරුවෙක්ම හෝ එම මණ්ඩලයේ කළමනාකරණය හා පාලනයට වගකිව යුතු පුද්ගල මණ්ඩලයේ සෑම ප්‍රධාන නිලධාරියෙකු ම වරදක් සිදු කරනු ලබන්නේ යැයි, සැලකෙන බවද සඳහන් ය.
පනත් කෙටුම්පත ප්‍රකාරව අසත්‍ය ප්‍රකාශයක් යන්නෙන් අර්ථ දක්වා ඇත්තේ, යම් ප්‍රකාශයක් වැරදි බව හෝ අසත්‍ය බව සිදු කරන්නා දන්නා වූ ද විශේෂයෙන්ම රැවටීම හෝ නොමග යැවීමේ චේතනාවෙන් සිදු කරන්නාවූ ද ප්‍රකාශයක් බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ගැසට් කරන ලද අදාළ පනත් කෙටුම්පත පහතින්…



























































