Colombo Today Local News

තවත් ආයතන හයක ලොක්කෝ කෝප් කමිටුවට කැඳවයි

විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් ) හමුවට කැඳවීමට නියමිතය.

කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සහ ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමයි.

ඒ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධානීහු අද(18)ද, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රධානීහු හෙට(19)ද කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීහු අනිද්දා(20)ද ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධානීහු ලබන මස 3 වැනිදාද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදාද ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධානීහු ලබන මස 6 වැනිදාද කෝප් කමිටුව හමුවට මෙසේ කැදවෙති.

කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

Related posts

ආසනික් බහුල කුණු සැමන් කන්ටේනර් යළි චීනයට හරවා යවයි

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

විමල් සන්ධානයෙන් ඉවත් වෙයි

colombotoday

ශ්‍රීලනිප 04ක්, ඒකාබද්ධයේ 51ක් අත්සන් තබයි.. අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

colombotoday

මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට…

colombotoday

(Video) අලුත් අවුරුදු, නත්තල් සල්පිලේ බුදු රුවට නිගා දෙන ඇඳ ඇතිරිලි

colombotoday