තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල කිතුල්කොටේ ප්රදේශයේ සිදු කල වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගංජා හේනේ සරුවට වගා කර තිබූ ගංජා ගස් දහසක් පමණ තිබී ඇති අතර ගංජා හේන වගා කළ සැකකරු අත්අඩංගුවට ඇත.
සැකකරු එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් නවයක පුද්ගලයෙකු වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වාර්තා වේ.