මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.
එම උපකරණ සවිකිරීමෙන් පසුව ජනතාවට තමන්ටම ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ඇති බවත් තොග ලබා ගැනීමේ නවීන උපකරණ හරහා ඉන්ධනහල් හිමියන්ට ඉක්මනින් තොග ගැනීම සඳහා සහ තොග පාලනය මනාව කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.