Colombo Today Local News

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

හානි අවම වගා ක්‍රමයක් වන හරිතාගාර ( Poly Tunnel Growing)වල එළවළු වගා කරන ගොවීන් සඳහා රජයෙන් ලක්ෂ පහක ආධාරයක් දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වැඩසටහනට එක් දිස්ත්‍රික්කයකින් ගොවීන් 30ක් තෝරාගන්නා බව අමාත්‍යවරයා කියයි.

හරිතාගාර වගා ක්‍රමය ඇරඹීමට රුපියල් ලක්ෂ 10ක් වැය වන අතර ඉතිරි ලක්ෂ පහ ගොවියා විසින් දැරිය යුතු බව අමාත්‍යාංශය පවසයි.

පොලිටනල් තුළ වගා කිරීමේ ව්‍යාපෘතිය නව කෘෂි තාක්ෂණය ගොවීන්ට හදුන්වා දීමේ තවත් එක් පියවරක් බව කී අමාත්‍යවරයා එළවළු වගාවේ දී වන වගා හානි අවම වීම, ප්‍රමිතියකින් යුත් එළවළු වෙළෙඳපොලට සැපයීම හා වසර කිහිපයක්ම පොලි ටනල් යොදා ගැනීම කළ හැකි බැවින් ගොවීන්ට හොඳ ආදායමක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අතරමැදියන් නොමැතිව අස්වැන්න වෙළෙඳපොලට ලබා දීම හා පාරිභෝගිකයාට සාධාරණ මුදලකට අලෙවි කිරීමටත් මෙමගින් අවස්ථාව සැලසෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

හරිතාගාර වල එළවළු වගාව ප්‍රචලිත කිරීමට ගොවීන් උනන්දු කරවීම සදහා රජය රුපියල් මිලියන 500ක් මෙම වසර සඳහා ලබා දී තිබේ.

Related posts

සෞඛ්‍ය ඇමතිනියගේ නම විකුණා මුදල් ගැරූ පැල්මඩුල්ලේ ‘සිරිමා’ රිමාන්ඞ්

colombotoday

චීනයත් කැමතියි නම් හම්බන්තොට වරාය ගිවිසුම සංශෝධනය කළ හැකියි !!

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් අපි රට ෆෙඩරල් කරනවා“ – ජනපති, අගමැති නොකියන දේ මංගල කියයි

colombotoday

ජනපති මැදුරට ගිය ප්‍රථම අරගලකරුවා අත්අඩංගුවට

colombotoday

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

colombotoday