Colombo Today Local News

දුම්රිය වර්ජනය තරුණයෙක් බිලිගනී

දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ.

මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි අදාළ තරුණයා හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බවට වාර්තා වේ.

දුම්රිය රියදුරු වෘත්තීය සමිතියක් ඊයේ (11) මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක නිරත වන බැවින් දුම්රිය රැසක් අවලංගු කර තිබේ.

මේ හේතුවෙන් ධාවනයට එක්කර ඇති දුම්රියවල මගීන් විශාල වශයෙන් ගමන් කරන බව ද වාර්තා වේ.

Related posts

මාරපන කෙලින් වැඩකරන අවංක මහත්මයෙක්, ඔහු හරියටම හරි – මංගල

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගැයුවොත් එය රට බෙදන ෆෙඩරල් පිළිලයේ පළමු වෙඩි මුරය වෙයි

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

Admin

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin