ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වී ඇත.
ටියුනීසියාවේ Sfax සිට ඉතාලිය බලා යමින් සිටියදී මෙම බෝට්ටුව ගිලී ගොස් ඇති අතර අනතුරින් සිව් දෙනෙක් පමණ බේරා ගෙන ඇති බව සඳහන්.
මේ වසරේ උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට යන මුහුදු ගමනේදී මේ දක්වා කාලය තුළ පමණක් 1800කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.