බලහත්කාරයෙන් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.
ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්රී ලංකා මහ බැංකු පරිශ්රයට ඇතුළු වී තිබුණි.
ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබූණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු ය.