Colombo Today Local News

දුරකථනය ගන්න දුම්රියේ ගිය චීන කතට පොල්ලකින් ගහලා

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියට මහනුවරින් ගොඩ වූ චීන කාන්තාවක් අවට පරිසරය දුරකථනයෙන් විඩියෝ ගත කරමින් ගමන් ගත්දී දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගය අයිනේ ගලක්මත සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.

තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සමග ඇල්ල දුම්රිය ස්ථානයට ගමන් කරන අතරවාරයේ සිය ජංගම දුරකථනයෙන් සුන්දර ස්ථාන විඩියෝගත කරමින් ගමන් කර ඇත.

නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ අභියස රැදි සිටි තරුණයන් තිදෙ‍ෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වි ඇති අතර, පහර දිම නිසා ඇයගේ අතට තුවාල සිදු වි ඇත.

Related posts

සහජීවනය රැකෙන්නනම් මේ බෞද්ධ රටේ ධර්මානුකූලව ජිවත් වෙන්න – රවී කියයි

colombotoday

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

colombotoday

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

“කටු සූප්පුකාරයන්ට අපි යටත් නෑ.. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ආණ්ඩුව ගෙදර යවනවා” ප්‍රසන්න රණතුංග

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

Admin